විශ්වවිද්‍යාල ප්‍රවේශය වෙනුවෙන් ආසියාවේ අසීරුම පැය 8ක විභාගය ලියන දකුණු කොරියාවේ දරුවන්

South Korean student taking Korean CSAT

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු කොරියාවේ 'සුනංග්', විභාගය යනු විශ්ව විද්‍යාල වරම් හිමිවන ශිෂ්‍යත්ව කුසලතා පරීක්ෂණයක් වන, අතර එය පැය 8ක් පුරා එකදිගට පැවැත්වෙන විභාගයකි
    • Author, රේචල් ලී
    • Role, බීබීසී පුවත්
    • වාර්තාකරණය, Seoul

පැය අටක්, පරීක්ෂණ පහක්, විවේක හතරක්, එක් දිනයක් මෙන්ම එක් අවස්ථාවක්.

'සුනංග්' (Suneung) යනු දකුණු කොරියාවේ තරුණ ජීවිත වෙනස් කරන විභාගයකි.

එය ඔබේ විශ්වවිද්‍යාලය තීරණය කරන අතර අනාගත රැකියා, ආදායම සහ සබඳතාවලට පවා බලපෑම් කළ හැකිය.

එය සමාජ සම්ප්‍රදායක් වන අතර මුළු රටම අඩපන කළ හැකි විභාගයකි.

සුනංග්, දකුණු කොරියාවේ කුප්‍රකට විද්‍යාලීය ශිෂ්‍යත්ව විභාගයක් වන අතර වසරකට වරක් නොවැම්බර් මාසයේදී පැවැත්වේ. මේ වසරේ, එය අදට (නොවැම්බර් 14 බ්‍රහස්පතින්දාට) යෙදී තිබේ. එය සිසුන්ට තම හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට ඇති එක් අවස්ථාවකි.

අපි මේ වසරේ සුනංග්, සඳහා සූදානම් වන දකුණු කොරියානු සිසුන් කිහිප දෙනෙකු සමඟ කතා කළෙමු. ඔවුන් එකපිට එක පැවැත්වෙන මෙම තීව්‍ර විභාගයට මුහුණ දීම සඳහා ඔවුන්ගේ ඉඟි සහ උපාය සැලසුම් හුවමාරු කර ගනී.

'මගේ දින චර්යාව කැරකෙන්නේ සුනංග් විභාගයත් එක්ක’

High school 3rd grade, 19-year-old Hwang Hyun-min who is taking Suneung exam this year
ඡායාරූප ශීර්ෂ වැකිය, යැන්ග් මින් වොන්ග් පවසන්නේ සුනංග්, විභාගය පැවැත්වෙන දිනයේ ආහාරයට ගැනීමට බලාපොරොත්තු වන ආහාර වේල ම, ඔහු සහ ඔහුගේ ඇතැම් මිතුරන් විභාග දිනය දක්වා ම දිනපතා අනුභව කරන බවයි

සුනංග්, විභාගය පැය අටක් පුරා පැවැත්වෙයි. එහිදි එක් එක් විෂය අවසානයේ මිනිත්තු 20 ක විවේකයක් ලැබෙන අතර දිවා ආහාරය සඳහා මිනිත්තු 50 ක කාලයක් ලබා දෙයි. සෑම විෂයක්ම විනාඩි 80 සිට 107 දක්වා පැවැත්වේ, මේ සඳහා දැඩිව අවධානය යොමු කර සිටීමේ මට්ටමක් අවශ්‍ය වේ.

19 හැවිරිදි යැන්ග් මින් වොන්ග් පවසන්නේ සුනංග්, විභාගය පැවැත්වෙන දිනයේ ආහාරයට ගැනීමට බලාපොරොත්තු වන ආහාර වේල ම, ඔහු සහ ඔහුගේ ඇතැම් මිතුරන් විභාග දිනය දක්වා ම දිනපතා අනුභව කරන බවයි. ඒ, විභාගයට පෙර ආහාර වේල හොඳින් දිරවා ගත හැකි බව සහතික කර ගැනීම සඳහා ය. මෙය විභාග අපේක්ෂකයින් අතර සාමාන්‍ය සිරිතකි, ඔවුන් එදිනට තමන්ගේ ම කෑම පෙට්ටි රැගෙන ආ යුතුය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නොපිසින ලද ආහාර, කුළුබඩු සහිත කෑම සහ පාන් හෝ නූඩ්ල්ස් වැනි පිටි ආශ්‍රිත ද්‍රව්‍යවලින් වැළකී සිටින ලෙස සිසුන්ට උපදෙස් දෙනු ලැබේ. ආහාරයට ගත යුතු දේ සහ වළක්වා ගත යුතු දේ පිළිබඳ මාර්ගගත විභාග ප්‍රජාවන්ට සම්බන්ධ දෙමාපියන් සහ සිසුන් විසින්, ඉඟි හුවමාරු කරගනු ලබයි.

කෙසෙල් සහ ඇපල් වැනි පළතුරු නිර්දේශ කරනු ලබන අතර, ආම්ලික ගතියෙන් වැඩි නාරං වැනි දෑ ආහාරයට ගැනීම අධෛර්යමත් කරයි. ප්‍රෝටීන් ද ප්‍රධාන ය. සුනංග් විභාගය සඳහා හොඳින් සමතුලිත දිවා ආහාර පෙට්ටියක, බොහෝ විට ඇතුළත් වන්නේ - බත්, බේක් කළ මාළු, කුකුළු මස්, එළවළු සහ උණුසුම් සුප් ය.

"මගේ සමහර යාළුවෝ සුනංග්, විභාගයට හුරු වෙන්න හරි වෙලාවට නිදාගන්නවා, හරි වෙලාවට නැගිටිනවා" යැයි වොන්ග් පවසයි. "හරි අවධානයෙන් වැඩ කරන්න නම් ඔබේ ශරීරයට විවේකය ඕනේ."

ඒවගේම වැසිකිළි අවශ්‍යතා වලින් ඔබට බාධා වීම් විය නොහැකි ය.

ඉක්මනින් ම විභාග ශාලාවට ඇතුළු වීම අපහසු නිසා නාන කාමරයට යාම ඇත්ත වශයෙන්ම විකල්පයක් නොවේ. බොහෝ ව්‍යාජ පරීක්ෂණ සිදු කිරීමෙන් පසු, නියමිත මිනිත්තු 20 ක විවේකයන් සමඟ, වොන්ග් පවසන්නේ ඔහුගේ මුත්‍රාශය පාලනය කරන්නේ කෙසේදැයි ඉගෙන ගත් බවයි.

නැවත විභාගයට මුහුණ දෙන 20 හැවිරිදි කන්ග් ජුන්-හී, මේ වසරේ සුනංග්, විභාගය සඳහා පෙනී සිටිමට කැපවී සිටියි. දෙවන වරට, පෙනී සිටින විභාග අපේක්ෂකයෙකු ලෙස ඔහු වඩාත් විනයගරුක දෛනික චර්යාවක් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.

"පසුගිය වතාවේ මම විභාගයට මුහුණ දෙනකොට, මම මට කළ හැකි තරම් උපරිමයෙන් කළේ නැහැ," කන්ග් ජුන්-හී පිළිගනී.

සුනංග්, විභාග කාලසටහනේ දෛනික චර්යාවට ඔහු දැන් “සම්පූර්ණයෙන්ම කැපවී” සිටියි. සෑම දිනකම උදේ 06:30 ට අවදි වන ඔහු ප්‍රධාන විෂයයන් සඳහා වන ආදර්ශ ප්‍රශ්න පත්‍රවලට කෙලින්ම ප්‍රවේශ වෙයි. එය "සැබෑ විභාග කාලසටහන වගේ ම" නිර්මාණය කර ඇත.

20 හැවිරිදි ඔහු පසුගිය වසරේ ලබාගත් ප්‍රතිඵලය ගැන සෑහීමකට පත් නොවෙයි. සිය මිතුරන් අතුරින් නැවත විභාගයට මුහුණ දෙන එකම තැනැත්තා ඔහු වේ. තම මිතුරන් දැනටමත් විශ්වවිද්‍යාල ජීවිතය භුක්ති විඳින බැවින් හුදකලා වීම දුෂ්කර විය හැකි බව ඔහු පවසයි. කෙසේ වෙතත්, ඔහු තම උපරිමය කිරීමට තීරණය කර තිබේ.

"සුනංග්,විභාගය සඳහා සූදානම් වීම කියන්නේ ම ඔබේ ඉලක්ක කරා ළඟා වන ආකාරය ඔබට ඉගැන්වීම," ඔහු පැහිදිලි කරයි.

විභාග අපේක්ෂකයින්ට උපකාර වන ආදර්ශ පරීක්ෂණ

Kang Yoo-jung, who has been home schooled will be taking Suneung exam this year
ඡායාරූප ශීර්ෂ වැකිය, නිවසේ සිට අධ්‍යාපනය ලබන කන්ග් පවසන්නේ මෙම විභාගය දකුණු කොරියානු තරුණයින්ගේ ජීවිතය වෙනස් කළ හැකි බවයි

සුනංග්, විභාගයට පෙනී සිටින්නන් සඳහා ආදර්ශ පරීක්ෂණ ඉතා වැදගත් වේ. සෑම වසරකම ජාතික ආදර්ශ විභාග තුනක් පැවැත්වෙන අතර සිසුන්ට පෞද්ගලික විද්‍යාල මගින් පිරිනමනු ලබන අතිරේක ආදර්ශ පරීක්ෂණ වලට ද සහභාගි විය හැකිය.

යූ-ජුං කන්ග් පවසන්නේ මේ ආකාරයෙන් සුනංග්, චර්යාවට අනුගත වීම විශාල සහයක් වී ඇති බව ය.

"මුලදී, මට දිගු වේලාවක් අවධානය යොමු කරන්න බැරිවුණා, නමුත් ආදර්ශ විභාග කිහිපයකට පසු, වඩා හොඳින් අවධානය යොමු කරන්නේ කොහොමද කියලා මම ඉගෙන ගත්තා" ඇය ඒ බව සඳහන් කළේ, 'අපි කලබල වෙන්න හොඳ නැහැ' යනුවෙන් මන්ත්‍රයක් මෙන් තමාටම කියාගනිමින් ය.

ගෙදර සිට අධ්‍යාපනය ලබන කන්ග් අපට මුණගැසුණේ සෝල් හි ගංගනම් හි 'ක්‍රැම් පාසල' කදීය. මෙම 'ක්‍රැම් පාසල්' දකුණු කොරියාවේ ජනප්‍රිය වන අතර තරුණයින්ට සුනංග්, විභාගය සඳහා සූදානම් වීමට උපකාර කරයි.

අවට ආපනශාලා ජනේලවල වාසනාව සංඛේතවත් කරන සලකුණු සටහන් කර ඇති අතර ඒවා අවසන් මොහොතේ පුනරීක්ෂණ පන්තිවලට සහභාගිවන සිසුන්ගෙන් පිරී ඇත.

කොරියාවේ අනෙකුත් බොහෝ අය මෙන් ඇය ගෘහාශ්‍රිතව ඉගෙනුම ලබන අතර සුනංග්, විභාගය සඳහා සූදානම් වීමට සම්පූර්ණයෙන්ම කැපවී සිටියි. " අනාගතය සුරක්ෂිත කිරීමට ඇති එකම මාර්ගය අධ්‍යයනය" බව ඇය විශ්වාස කරයි.

ඔබේ ප්‍රතිඵල මත බොහෝ දේ තීරණය වනු ඇත. ඔවුන් ඔබේ සමාජ ස්ථාවරය සහ අන් අය විසින් ඔබට සලකනු ලබන ආකාරය ද තීරණය කරයි. ප්‍රේම සබඳතා සඳහා ද එය සාධකයක් වන අතර ඔබ සුදුසු සහකරුවෙකු ලෙස සලකන්නේද යන්න ද එමගින් තීරණය කරයි.

South Korean student studies ahead of Suneung

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සමහර සිසුන් ශරීර ශක්තියේ අවශ්‍යතාවය, ගම්‍යතාවය සහ ආත්ම විශ්වාසය පවත්වා ගැනීමේ අවශ්‍යතාවය ඉස්මතු කරයි

සුනංග්, විභාගය ට අනිවාර්ය විෂය පහක් ඇතුළත් වේ: කොරියානු, ගණිතය, ඉංග්‍රීසි, කොරියානු ඉතිහාසය, සහ සමාජ අධ්‍යයනය හෝ විද්‍යාව ඊට අයත් වේ. ඉන්පසු ප්‍රංශ, චීන, ජපන්, රුසියානු හෝ අරාබි යන භාෂාවලින් විකල්ප අමතර භාෂා විභාගයක් පැවැත්වෙනු ඇත.

උසස් පාසල් කනිෂ්ඨ සිසුවෙකු ලෙස මෙවර විභාගයට පෙනී සිටින සංග්-වොන් ලී, ශරීර ශක්තියේ වැදගත්කම, ගම්‍යතාව සහ ආත්ම විශ්වාසය පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කරයි.

"උදෑසන ම කොරියානු ආදර්ශ පරීක්ෂණවලට යොමු වීම තමා මම යෝජනා කරන්නේ," ඔහු පවසයි, ඇත්ත වශයෙන්ම, "විභාගය ආරම්භ වන නියම වේලාවට" ම ඔහු විසින් ආදර්ශ විභාගය ආරම්භ කරනු ලබන්නේ හොඳ ආරම්භයක් ලබා ගැනීම ඉතා වැදගත් යැයි ඔහු සිතන බැවිනි.

"ඔයා පළමු විභාගය අවුල් කර ගත්තා කියලා හිතනවා නම්, ඒක ඊළඟ විභාගවල ඔයාගේ කාර්ය සාධනයට බලපාන්න ඉහළ සම්භාවිතාවක් තියෙනවා," ඔහු පවසයි.

දිවා ආහාරය ගැනීමෙන් පසු අවධානය පවත්වා ගැනීමේ අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කරයි.

“දිවා ආහාරයෙන් පස්සේ, ඔයා ඉංග්‍රීසි භාෂා පරීක්ෂණයට මුහුණ දෙන්න ඕනේ, ඒකට ඉංග්‍රීසි සවන්දීමේ පරීක්ෂණයකුත් තියෙනවා. ඒ නිසා, නිදිමත නොවන විදිහට ඉන්න ඕනේ.”

19 හැවිරිදි තරුණයින්ගේ ජීවිතය වෙනස් කරන දිනය

Roh Jong-ho, a cram school teacher
ඡායාරූප ශීර්ෂ වැකිය, ක්‍රැම් පාසල් ගුරුවරයෙකු වන රෝහ් පවසන්නේ විභාග දිනයේදී සිසුන් තමා සහ තම පිළිතුරු පිළිබඳව විශ්වාස කළ යුතු බවයි

‘ක්‍රැම් පාසල්’ ගුරුවරයෙකු වන ජොං-හෝ රෝ, විවිධ මට්ටමේ සිසු පිරිසක් සමඟ කටයුතු කරයි - ඊට නැවත විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ සිට ඉහළ තරගකාරී සිසුන් සහ ග්‍රාමීය ප්‍රදේශවල සිට අධ්‍යාපනය සඳහා සෝල් වෙත සංක්‍රමණය වූ අය ද වෙති.

“විභාගයට මුහුණ දෙන අයට වඩාත් වැදගත් වන්නේ ඒ අයගේ ආත්ම අභිමානය. එදාට ඒගොල්ලෝ තමාව සහ තමන්ගේ පිළිතුරු විශ්වාස කරන්න ඕනේ. ඔවුන් විභාග ශාලාවට ගියාට පස්සේ කාටවත් ඒ අයට උදව් කරන්න බැහැ,”රෝ පැහැදිලි කළේය.

"විභාගය වෙනුවෙන් දෛනික චර්යාවන්" වලට හුරුවීමේ අවශ්‍යතාවය ඔහු ද අවධාරණය කරන අතර විභාගය ආරම්භ වන දවසේ වඩාත්ම ඵලදායි වේලාව වන පෙරවරු 08:40 ට ම ඊට හුරුවීම සඳහා සිසුන් දිරිමත් කරයි.

මුළු රට ම සුනංග්, විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට සහාය වීමට පෙළ ගැසේ. ප්‍රමාද වී පැමිණෙන සිසුන් රැගෙන යාමට පොලිස් නිලධාරීන්, ගිනි නිවන භටයන් සහ ගිලන් රථ උදේ පාන්දරින්ම සූදානම් ව සිටිති.

එදිනට ගමනාගමනය පහසු කිරීම සඳහා, කොරියාවේ බොහෝ සමාගම් තම සේවකයින් උපදෙස් දෙන්නේ ප්‍රමාද වී සේවයට පැමිණෙන ලෙසයි, කොටස් වෙළඳපොල ගනුදෙනු පවා ප්‍රමාද වී ආරම්භ කරයි.

ඉංග්‍රීසි සවන්දීමේ පරීක්ෂණය අතරතුර ගුවන් යානා විනාඩි 35 ක් ගොඩබස්වා තබයි.

Students at schools waiting outside test centres to cheer on their seniors

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සමහර පාසල් වසා දමා පරීක්ෂණ මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන අතර තරුණ සිසුන් තම ජ්‍යෙෂ්ඨයන් ට බෙර වාදනයෙන් හා දිරිගන්වනසුලු ඝෝෂාවෙන් ඔල්වරසන් දීමට උදෑසනින්ම විභාග මධ්‍යස්ථාන වලින් පිටත බලා සිටිති

සමහර පාසල් වසා දමා පරීක්ෂණ මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන අතර තරුණ සිසුන් තම ජ්‍යෙෂ්ඨයන් ට බෙර වාදනයෙන් හා දිරිගන්වනසුලු ඝෝෂාවෙන් ඔල්වරසන් දීමට උදෑසනින්ම විභාග මධ්‍යස්ථාන වලින් පිටත බලා සිටිති.

පැය 8ක දීර්ඝ විභාගයේදී සිය ශක්තිය පවත්වා ගැනීම ගැන කනස්සල්ලට පත්වන සිසුන්ට රෝහ්, ගුරුවරයෙකු ලෙස අවසාන උපදෙස් කිහිපයක් ලබා දෙයි.

"මම නිතරම කියනවා, ගිහින් ඇවිදින්න," ඔහු යෝජනා කරයි.

"ශිෂ්‍යයෝ හිතන්නෙ විභාගයට පෙර ඔවුන්ගේ අසුනේ වාඩිවෙලා ඉගෙන ගත් දේවල් සමාලෝචනය කිරීම වැදගත් කියලා. නමුත් මම කියන්නේ ටිකක් එහා මෙහා ඇවිදින්න කියලා. විභාග මධ්‍යස්ථානය ඇතුළේ වුණත් ඇවිද්දට කමක් නැහැ. එක ඔබව අවදියෙන් තියෙනවා ."

"විශේෂයෙන්ම ඉංග්‍රීසි පරීක්ෂණයේදී, දිවා ආහාර විවේකය ඔබට නිදිමත ඇති කරනවා."