සමෙහි තුවාල ඇතිවීම අවම කරන නව 'මෙට්ටයක්' : 'මේ නිර්මාණය සඳහා මූලික පදනම වුණේ මගේ සීයා අසනීප වීම නිසා මම දැකපු දේවල්'

වීඩියෝ ශීර්ෂ වැකිය, ''සම මතුපිට ඇති තෙතමනය අඩු කරන්නත් මේ නිර්මාණයෙන් පුළුවන්.''
සමෙහි තුවාල ඇතිවීම අවම කරන නව 'මෙට්ටයක්' : 'මේ නිර්මාණය සඳහා මූලික පදනම වුණේ මගේ සීයා අසනීප වීම නිසා මම දැකපු දේවල්'

දීර්ඝ කාලීනව ඇඳක් මත ගත කරන රෝගීන්ගේ සමෙහි තුවාල ඇති වීම අවම කරන මෙට්ටයක් නිෂ්පාදනය කිරීමට කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ චිරාත් බිම්සර සේනානායක සමත්ව තිබේ.

එම නිර්මාණය ජාතික මට්ටමින් සහ ජාත්‍යන්තර මට්ටමින් ද ඇගයීමට ලක්විය.

රෝගීන් සඳහා දැනට භාවිතා කරන 'එයාර් මෙට්‍රස්' සහ 'වෝටර් මෙට්‍රස්' වලට වඩා මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම නව නිර්මාණය මගින් සමේ තෙතමනය පාලනය කිරීමට ද හැකිවීමය.

''මේ නිර්මාණය සඳහා මූලික පදනම වුණේ මගේ සීයා අසනීප වීම නිසා මම දැකපු දේවල්. මම බලාපොරොත්තු වෙනවා මේක නිෂ්පාදනයක් විදියට ඉදිරියේ දී රෝගීන්ගේ අතට පත් කරන්න'' යනුවෙන් චිරාත් බිම්සර සේනානායක BBC සිංහල සේවයට පැවසුවේය.