Made in Sri Lanka : නව නිපැයුම් වලින් සමස්ත ලංකා ජය ලැබූ කුලියාපිටියේ මිහින්
Made in Sri Lanka : නව නිපැයුම් වලින් සමස්ත ලංකා ජය ලැබූ කුලියාපිටියේ මිහින්
කුලියාපිටිය සාරනාත් විද්‍යාලයේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන එච්.ඒ මිහින් නිදුවර නව නිපැයුම් තරගවලින් සමස්ත ලංකා ජගග්‍රහණ ලද සිසුවෙකි.
ඔහු විසින් නිපදවන ලද ජීවිතාරක්ෂක බෝට්ටුවකට 2022 දී සමස්ත ලංකා පාසල් නව නිපැයුම් තරගයෙන් ප්‍රථම ස්ථානයක් හිමි වී ඇත.
එමෙන්ම ඔහු නිපදවන ලද දරුවන්ගේ ආරක්ෂාව සහතික කෙරෙන 'ගෝ කාට්' එකක් සඳහා 2023 දී තවත් සමස්ත ලංකා ජයග්‍රහණයක් හිමි වූ අතර එම දරුවා අධ්‍යාපන කටයුතු ද ඉතා සමබරව සිදු කරන බව සාරනාත් විද්‍යාලයේ විදුහල්පති චමින්ද රන්දෙනි BBC සිංහල සේවයට පැවසුවේය.
''මම මේ නිර්මාණ කරන්න අවශ්‍ය තාක්ෂණය, දැනුම ලබා ගත්තේ කුඩා කාලයේ පටන් ලබපු අත්දැකීම් වලින් සහ අන්තර්ජාලයෙන්. මට ලොකු ආසාවක් තියෙනවා මේ පැත්තෙන්ම ඉදිරියට ගිහින් රටට, ලෝකයට වැඩදායි පුරවැසියෙක් වෙන්න.'' යනුවෙන් මිහින් නිදුවර සිසුවා කියා සිටියේය.








