'මම ඔබට සැරයක් කිව්වා. අපිට අපේ විමර්ශනය කරන්න ඉඩ දෙන්න.'

වීඩියෝ ශීර්ෂ වැකිය, ''රුසියානු හමුදාවට සම්බන්ධ වෙන්න ලංකාවෙන් ගිය අය බදු ගොනු විවෘත කළේ කොහොමද?''
'මම ඔබට සැරයක් කිව්වා. අපිට අපේ විමර්ශනය කරන්න ඉඩ දෙන්න.'

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි රටවල්වලින් රුසියානු රජය නිල වශයෙන් පුද්ගලයන් යුද්ධයට සම්බන්ධ කර ගන්නේ ද එසේ නොමැති නම් එය නීති විරෝධීව සිදී වන්නේ දැයි BBC සිංහල සේවය ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයාගන් විමසන ලදී.

''මම ඔබට සැරයක් කිව්වා. අපිට අපේ විමර්ශනය කරන්න ඉඩ දෙන්න. මේ වෙලාවේ මම සූදානම් නැහැ මේ ගැන ඔබට සවිස්තරව උත්තර දෙන්න. අපි අපේ කාර්යය ආරම්භ කරලා තියෙන්නේ. ඔබට මම එක දෙයක් කියන්න කැමතියි. ඇයි ඔබ රුසියාව ගැන විතරක් කතා කරන්නේ. යුක්රේනය ගැන ඔබ කතා කරන්නේ නැත්තේ ඇයි? '' යනුවෙන් ඊට පිළිතුරු ලබා දුන්නේය.

සංචාරක වීසා මත ශ්‍රී ලාංකිකයන් රුසියාවට රැගෙන ගොස්, රුසියානු හමුදාවලට බඳවා ගැනීම ගැන දැනුවත් කිරීමට ඒකාබද්ධ මාධ්‍ය හමුවක් මැයි 30 දින කොළඹ දී පැවැත්විණි.

එම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාරියන්, විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති තාරක බාලසූරිය, මිනිස් ජාවාරමට එරෙහි කාර්‍යය සාධන බලකායේ නීති නිලධාරී මේජර් සඳුන් ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගී විය.