පුටින් දැන් වෙන කවරදාටත් වඩා බලවත්ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, ''ඔහු විශ්වාස කරන්නේ රට බේරා ගැනීමට සහ එය විශිෂ්ට රාජ්‍යයක් කිරීමට හැකි එකම තැනැත්තා තමන් බව''
පුටින් දැන් වෙන කවරදාටත් වඩා බලවත්ද?

රුසියානු ආර්ථිකය සමෘද්ධිමත් වෙමින් තිබේ. රටේ මාධ්‍ය මේ ශතවර්ෂයේ වෙන කිසිදු කාලයකටත් වඩා අවහිර වී ඇත. එමෙන් ම විරුද්ධව හඬ නැගූ ප්‍රබල හඬවල් ද නිහඬ වෙමින් තිබේ. මෙම මර්දනකාරී පාලනය විසින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙන කවරදාටත් වඩා බලවත් කරයිද?

2022 දී යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව, රුසියානු නායකයා තමන් සිය රටේ දේශපාලන ව්‍යුහයේ ඉහළින්ම සිටින බවට සහතික කර ගැනීම සඳහා ඔහුගේ සබඳතා ජාලය සහ ඒකාධිපති බලය ක්‍රීඩාවක් ලෙසට භාවිත කර තිබේ.

යුක්රේනයේ මධුසමය ගත කළ හිටපු ඔත්තුකරුවා, රුසියාවේ අධිරාජ්‍ය ඉතිහාසය පුනර්ජීවනය කරමින්, තමන්ට පෙර පැමිණි සමහර ප්‍රබල නායකයින් හා තරග කිරීමට ගන්නා උත්සාහයක් ලෙස මෙය පෙන්වා දිය හැකි ය. එහෙත් මේ ආකාරයෙන් ඔහුට කොපමණ කාලයක් බලයේ සිටිය හැකිවේද?