ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලසන්ත වික්‍රමතුංග: ' දැන් මේ මහා ලොකුවට යුක්තිය යුක්තිය කිව්වට කෝ යුක්තිය ලසන්ත ට?'
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට අදට වසර 15 ක් ගෙවී ගොස් තිබේ.
ඒ නිමිත්තෙන් අද බොරැල්ල කනත්තේ ඔහුගේ දේහය තැන්පත් කළ ස්මාරකය ඉදිරිපිට දී ඔහුගේ පවුලේ ඥාතීන්, මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන් හා දේශපාලනඥයින් ඇතුළු පිරිසක් එක්ව ඔහු අනුස්මරණය කරමින් පුෂ්පෝපහාර දැක්වීය.
ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය දිගින් දිගටම පමා වීම සම්බන්ධයෙන් එහි පැමිණි සිටි බොහෝ දෙනා තම අප්‍රසාදය පළ කරමින් මාධ්‍ය වෙත අදහස් දැක්වීය.
ජනපති රනිල් වික්‍රමසිංහට තම මිත්‍ර ලසන්තට දැන් යුක්තිය ඉටු කළ නොහැක්කේ ඇයි දැයි එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විමසා සිටියේය.