ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර 14 යි :'එදා ලසන්ත කවුද කියලා අහපු කෙනාට දැන් තමන්ගෙන්ම ඒ ප්‍රශ්නය අහගන්න පුළුවන් නම් හොඳයි'
සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය වී අදට වසර 14ක් සපිරෙයි.
අද දින ඔහුගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ල පොදු සුසාන භූමියේ දී පවුලේ ඥාතීන් හා හිතවතුන්ගේ මූලිකත්වයෙන් ඔහු වෙනුවෙන් පුෂ්පෝපහාර සහ පහන් දල්වා සිහිපත් කිරීමක් සිදු කෙරිණි.
ඔහු ඇසුරු කළ හිතවතුන් සහ සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු සාමාජිකයින් ඇතුලු පිරිසක් ඒ සඳහා සහභාගි වී සිටියහ.
එහිදී ප්‍රකට රංගවේදියෙකු වන පීටර් දී අල්මේදා, ලසන්ත වික්‍රමතුංගගේ සහෝදරයා වන ලාල් වික්‍රමතුංග අනුස්මරණය වෙනුවෙන් පැමිණ සිටි පිරිස ඇමතු අතර හිටපු අමාත්‍ය රවී කරුණානායක මාධ්‍යට අදහස් දැක්වීමක්ද සිදු කළේය.