මියන්මාරයේ භූ කම්පන වැඩි වශයෙන් ඇති වීමට හේතු

Rescuers search for survivors in damaged government staff housing buildings following an earthquake in Naypyidaw, Myanmar

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ගලවා ගැනීමේ කණ්ඩායම් මියන්මාරයේ අගනුවර වන නේපිඩාව්හි භූමිකම්පාවෙන් හානි වූ ගොඩනැගිලිවල දිවි ගලවා ගත් අය සොයමින්

මියන්මාරයේ හටගත් දරුණු භූමිකම්පාවෙන් දැඩි හානි සිදුවීමත් සමග එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.

එරට භූ කම්පන බහුලව සිදුවන අතර, 1900 වසරේ සිට මේ හා සමාන විශාල භූකම්පන කිහිපයක් ම මියන්මාරයේ සිදුව ඇති බව එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි.

සිකුරාදා ඇතිවූ භූමිකම්පාවේ ප්‍රබලත්වය නිරිතදිග චීනයට සහ තායිලන්තයට ද දැනී ඇත.

පහතින් දැක්වෙන සිතියමෙන් පෙන්වා දෙන්නේ, මියන්මාරයේ හටගත් භූකම්පනයෙන් සිදුවූ සෙලවීමෙහි ප්‍රබලත්වය තායිලන්තය, චීනය මෙන් ම ඉන්දියාවට ද බලපෑ ආකාරයයි.

මියන්මාරයේ හටගත් දරුණු භූමිකම්පාවෙන් දැඩි හානි සිදුවීමත් සමග එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.

මියන්මාරයේ හටගත් භූ කම්පනයට හේතුව කුමක් ද?

පෘථිවියෙහි පෘෂ්ඨය වෙනස් ආකාරයේ තැටි ගණනාවකට බෙදී ගොස් ඇති අතර ඒවා නිතර ම චලනය වෙයි.

මියන්මාරය පිහිටා ඇත්තේ එවැනි භූතැටි කිහිපයක් සම්බන්ධ වන ස්ථාන මතයි. ඒ හේතුවෙන් එරට භූචලන ක්‍රියාකාරීව පවතින කලාපයක් බවට පත්ව ඇත.

සිකුරාදා ඇතිවූ 7.7ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයට හේතුව වන්නේ, ඉන්දීය සහ යුරේසියානු භූ තැටි එකිනෙක මත ලිස්සා යෑමේ (strike slip faulting) සංසිද්ධිය බව USGS පෙන්වා දෙයි.

"මියන්මාරය පිහිටා තිබෙන්නේ ඉන්දීය උපමහාද්වීපයෙහි පැත්තකට වන්නයි. ඒ නිසා, ඉන්දියාව යුරේසියාව දෙසට තල්ලු වී යනවා (මෙහි ප්‍රතිඵලයක් ලෙසින් හිමාල කඳුවැටිය නිර්මාණය වුණා), මියන්මාරය එම පැත්තට වන්නට පිහිටා තිබෙනවා," යනුවෙන් එක්සත් රාජධානියේ කවෙන්ට්‍රි විශ්වවිද්‍යාලයේ භෞතික භූගෝල විද්‍යාව සහ ස්වාභාවික ආපදා පිළිබඳ සහකාර මහාචාර්ය මැතිව් බ්ලැකට් පැහැදිලි කර දක්වයි.

Myanmar Earthquake Epicentre.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රය සගෙයිං නගරයේ සිට කිලෝමීටර් 16ක් වයඹ දෙසින් වූ මියන්මාරයේ දෙවැනි විශාලතම නගරය වන මැන්ඩලේ නගරය ආසන්නයේ පිහිටා ඇති අතර, කිලෝමීටර් 10ක ගැඹුරින් චලනය සිදුව ඇතැයි USGS පවසයි.

6.4ක ප්‍රබලත්වයකින් යුත් පසුකම්පනයක් ද ඊට මිනිත්තු කිහිපයකට පසුව සිදුව තිබිණි.

පෘථිවියෙහි පෘෂ්ඨය සහ ඉන් විවිධ පරාසයක ගැඹුරට වන්නට භූමිකම්පා හටගනී.

මෙම භූකම්පනය නොගැඹුරු පරාසයක හටගැනීම නිසා ඉන් සිදුවූ හානිය වඩාත් බරපතළ වේ.

මේ පිළිබඳව පහදමින් බ්‍රිතාන්‍ය භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ භූකම්පනවේදී, ආචාර්ය බ්‍රයන් බැප්ටී බීබීසීය වෙත පැවසූයේ, "බුරුම චාපයේ' (Burmese Arc) පිහිටි මෙම කලාපයේ සාමන්‍යයෙන් භූකම්පන හටගන්නේ නොගැඹුරුවයි. සාමාන්‍යයෙන් ඒවා කිලෝමීටර් 20කට අඩු ගැඹුරකින් හටගන්නවා", යනුවෙනි.

"මෙය ඉතාමත් විශාල භූමිකම්පාවක්. ඊට අපිකේන්ද්‍රයට ආසන්න ප්‍රදේශයේ උපරිම හානියක් සිදුකළ හැකියි - එමෙන් ම එය වඩාත් දුර පිහිටි ප්‍රදේශවලට ද දැනී තිබෙනවා," යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මියන්මාරයේ භූ කම්පන හටගැනීම කෙතරම් සුලභ ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

භූ කම්පන ක්‍රියාකාරීත්වය ඉහළින් පවතින ප්‍රදේශයක මෙම භූමිකම්පාව හටගෙන තිබේ.

Strike slip සංසිද්ධියෙන් මෙවැනි ම ආකාරයේ ප්‍රබලත්වයකින් යුතු - 7.0ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පන හයක් සහ ඊට වඩා වැඩි ප්‍රබලත්වයකින් යුතු භූ කම්පන කිහිපයක් - 1900 වසරේ සිට මෙම ප්‍රදේශයෙහි සිට කිලෝමීටර් 250ක පරාසයක සිදුව ඇති බව USGS පවසයි.

"භූචලන විකෘතිතා හටගන්නා මෙම පුළුල් කලාපයෙහි මීට පෙර හටගත් විශාල භූ කම්පන - 1988දී හටගත් 7.7ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයක් ද ඇතුළු භූ කම්පන - නිසා ජීවිත දසදහස් ගණනක් අහිමි වූණා"

1990 ජනවාරියේ හටගත් 7.0ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයකින් ගොඩනැගිලි 32ක් කඩාවැටුණු බව ද USGS කියා සිටී.

සගෙයිං පළුද්ද යනුවෙන් හැඳින්වෙන පළුද්ද එරට මධ්‍යය හරහා වැටී පවතින අතර, එමගින් මෙම ප්‍රදේශය භූචලන ක්‍රියාකාරීත්වයට වඩාත් නැඹුරුතාවයක් ඇති කරයි.

මියන්මාරයේ පිහිටා ඇති ප්‍රදේශයක නමින් යුත් මෙම පළුද්ද එරට උතුරු ප්‍රදේශයේ සිට දකුණු ප්‍රදේශය දක්වා වැටී පවතී.

"පසුගිය වසර 100ක පමණ කාලයේදී 6ක් හෝ ඊට වැඩි ප්‍රබලත්වයකින් යුත් භූකම්පන 14ක් සිකුරාදා හටගත් භූකම්පනයේ අපිකේන්ද්‍රයෙහි සිට කිලෝමීටර් 200ක පරාසයක සිදුව තිබෙනවා", යනුවෙන් බැප්ටි කියා සිටී.

"ඉන් විශාලතම භූකම්පනය 7.6ක ප්‍රබලත්වයකින් යුතුව 1946දී සගෙයිං ප්‍රදේශයේ උතුරුදිගට වන්නට හටගත්තා. එය සිකුරාදා හටගත් භූකම්පනය වැනිම එකක්," ඔහු තවදුරටත් පවසයි.

පසුකම්පන අනිවාර්යයෙන්ම හටගන්නා බවට අනතුරු ඇඟවූ ඔහු, කල්ගත වද්දී ඒවා සාමාන්‍යයෙන් ප්‍රධාන කම්පනයට වඩා අඩු ප්‍රබලත්වයකින් යුක්තව හටගන්නා බව කියා සිටියේය.

සගෙයිං පළුද්ද යනුවෙන් හැඳින්වෙන පළුද්ද එරට මධ්‍යය හරහා වැටී පවතින අතර, එමගින් මෙම ප්‍රදේශය භූචලන ක්‍රියාකාරීත්වයට වඩාත් නැඹුරුතාවයක් ඇති කරයි.