2024 වසරේ ICC ටෙස්ට් සහ එක්දින හොඳ ම ක්‍රීඩකයින් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙක්

SL ICC

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2024 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද වසරේ ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙක් නම් කර තිබේ.

ඒ, එක්දින කණ්ඩායම සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 4 දෙනෙකු සහ ටෙස්ට් කණ්ඩායම සඳහා එක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වශයෙනි.

එක්දින කණ්ඩායමේ නායකත්වයට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක නම් කර තිබීම ද විශේෂත්වයකි.

2024 වසරේ එක්දින කණ්ඩායම

Skip Facebook post, 1
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post, 1

2024 සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කළ වසරේ එක්දින ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව් දෙනෙකු ඇතුළත් කර තිබේ.

එම කණ්ඩායමේ නායකත්වය සඳහා ශ්‍රී ලංකා නායක චරිත් අසලංක නම් කර තිබීම විශේෂත්වයකි.

2024 වසරේ එක්දින තරගවලදී දැක්වූ දක්ෂතා පදනම් කරගෙන මෙම කණ්ඩායම නම් කර තිබේ.

එම කණ්ඩායමේ ආරම්භ පිතිකරුවාගේ සිට පිළිවෙළින් ක්‍රීඩකයින් 11 දෙනා වසර තුළදී දැක්වූ දක්ෂතා පහත දැක්වේ.

  • සයිම් අයුබ් (පකිස්ථානය)

සයිම් අයුබ් 2024 වසර තුළදී තරග 9කට ක්‍රීඩා කර ලකුණු 113ක් රැස් කළ අතර, එහි සාමාන්‍යය 64.37කි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඊට ශතක 3ක් සහ එක් අර්ධ ශතකයක් ඇතුළත් විය.

  • රහ්මනුල්ලා ගුර්බාස් (ඇෆ්ඝනිස්ථානය)

2024 වසරේදී තරග 11කට ක්‍රීඩා කළ ගුර්බාස් ලකුණු 531ක් රැස් කර තිබේ.

ඊට ශතක 3ක් සහ අර්ධ ශතක 2ක් ඇතුළත් විය.

  • පැතුම් නිස්සංක (ශ්‍රී ලංකාව)

පසුගිය වසරේ තරග 12කදී ලකුණු 694ක් රැස් කළ පැතුම් නිස්සංක තුන් වන පිතිකරු ලෙස නම් කර තිබේ.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ඔහු නොදැවී රැස් කළ ලකුණු 210, එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ආරම්භක පිතිකරුවෙකු රැස් කළ 6 වන වැඩි ම ලකුණු සංඛ්‍යාව යි.

වසර පුරා ලකුණු 63.1ක සාමාන්‍යයක් පවත්වා ගත් පැතුම් නිස්සංක 2024 වසරේදී ශතක 3ක් සහ අර්ධ ශතක 2ක් රැස් කිරීමට සමත් විය.

එම වසරේ එක්දින තරගවලදී වැඩි ම ලකුණු රැස් කළ පිතිකරු ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්වූයේ, කුසල් මෙන්ඩිස්ට පමණක් දෙවැනි වෙමිනි.

  • කුසල් මෙන්ඩිස් - කඩුලු රකින්නා (ශ්‍රී ලංකාව)

2024 වසරේදී තරග 17කදී ලකුණු 742ක් රැස් කර ඇති කුසල් මෙන්ඩිස් එක් ශතකයක් සහ අර්ධ ශතක 6ක් රැස් කිරීමට සමත් විය.

ඔහු 2024 වසර අවසන් කළේ, නවසීලන්තය සමග පැවති අවසන් එක්දින තරග දෙකේදී පමණක් ලකුණු 217ක් රැස් කරමිනි.

  • චරිත් අසලංක - නායක (ශ්‍රී ලංකාව)

2024 වසරේ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට නම් කර ඇති චරිත් අසලංක වසර තුළ තරග 16කට සහභාගි වී තිබේ.

එහිදී ඔහු ලකුණු 605ක් රැස් කළ අතර, ඊට එක් ශතකයක් සහ අර්ධ ශතක 4ක් ඇතුළත් විය.

  • ශර්ෆේන් රදර්ෆර්ඩ් (බටහිර ඉන්දීය කොදෙව්)

මෙම කණ්ඩායමට නම් කර ඇති එක ම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයා වන රදර්ෆර්ඩ්, 2024 වසරේදී තරග 9කදී ලකුණු 425ක් රැස් කළේ ය.

ඔහුගේ ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 106.2ක පැවතීම විශේෂත්වයකි.

ඔහු වසර තුළදී ශතකයක් සහ අර්ධ ශතක 4ක් රැස් කිරීමට සමත් විය.

  • අස්මතුල්ලා ඕමාර්සායි (ඇෆ්ඝනිස්ථානය)

2024 වසරේදී එක්දින තරග 12කට සහභාගි වූ ඕමාර්සායි ලකුණු 417ක් රැස් කළේ ය.

ඊට එක් ශතකයක් සහ අර්ධ ශතක 3ක් ඇතුළත් විය.

තුන් ඉරියව්වෙන් ම දක්ෂතා දැක්වූ ඔහු පන්දු යැවීමේදී ද කඩුලු 17ක් බිඳ හෙළීමට සමත් විය.

  • වනිඳු හසරංග (ශ්‍රී ලංකාව)

පසුගිය වසරේ තරග 10කට ක්‍රීඩා කළ වනිඳු හසරංග කඩුලු 26ක් බිඳ හෙළා තිබේ.

ඒ අනුව, ඔහු එක් තරගයකදී කඩුලු 2.6ක සාමාන්‍යයක් බිඳ හෙළා ඇත.

පසුගිය ජනවාරි මාසයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 19කට කඩුලු 7ක් බිඳ හෙළී ය.

එය එක්දින තරග ඉතිහාසයේ හොඳ ම පස් වන පන්දු යැවීම බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

  • ෂාහීන් ෂා අෆ්රිඩි (පකිස්ථානය)

වේග පන්දු යවන්නෙකු ලෙස වසරේ කණ්ඩායමට නම් කර ඇති පකිස්ථානයේ ෂහීන් ෂා අෆ්රිඩි තරග 6කදී කඩුලු 15ක් බිඳ හෙළී ය.

  • හරිස් රාවුෆ් (පකිස්ථානය)

පසුගිය වසරේ තරග 8කට ක්‍රීඩා කරමින් හරිස් රාවුෆ් කඩුලු 13ක් බිඳ හෙළී ය.

  • ඒ.එම්. ඝසන්ෆාර් (ඇෆ්ඝනිස්ථානය)

තරග 11කට ක්‍රීඩා කළ තවමත් 18 හැවිරිදි ඇෆ්ඝනිස්ථාන දඟ පන්දු යවන්නෙකු වන ඝනස්ෆාර් කඩුලු 21ක් බිඳ හෙළීමට සමත් විය.

ඔහුගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය 13.57කි.

ඔහු සිය පළමු එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වූයේ ද, 2024 මාර්තු මාසයේදී ය.

ඔහු එම කාලය තුළදී අවස්ථා දෙකකදී කඩුලු 5කට වඩා දවා ගැනීමට සමත් විය.

නොවැම්බර් මාසයේදී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 26කට කඩුලු 6ක් බිඳ හෙළූ ඔහු, එක්දින තරගයකදී කඩුලු 5ක් බිඳ හෙළූ ළාබාලතම පන්දු යවන්නන් අතර 5 වන ස්ථානයට පත්විය.

2024 වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම

Skip Facebook post, 2
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post, 2

2024 වසර වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කළ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ, ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස්ට ය.

එම කණ්ඩායමට නම් කර ඇති එක ම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ, කමිඳු මෙන්ඩිස් පමණි.

වසර දෙකක විරාමයකට පසු යළිත් ටෙස්ට් පිටියට පැමිණි ඔහු 2024 වසරේදී ලකුණු 1049ක් රැස් කිරීමට සමත් විය.

ඒ අනුව, ඒ වසරේදී වැඩි ම ටෙස්ට් ලකුණු රැස් කළ පිතිකරුවන් අතර ඔහු 5 වන ස්ථානය හිමි කර ගත්තේ ය.

2024 වසරේ හොඳ ම ටෙස්ට් කණ්ඩායම පිළිවෙළින් මෙසේ ය.

  • යෂස්වි ජයිස්වාල් (ඉන්දියාව)
  • බෙන් ඩකට් (එංගලන්තය)
  • කේන් විලියම්සන් (නවසීලන්තය)
  • ජෝ රූට් (එංගලන්තය)
  • හැරී බෲක් (එංගලන්තය)
  • කමිඳු මෙන්ඩිස් (ශ්‍රී ලංකාව)
  • ජැමී ස්මිත් (එංගලන්තය)
  • රවීන්ද්‍ර ජඩේජා (ඉන්දියාව)
  • පැට් කමින්ස් - නායක (ඔස්ට්‍රේලියාව)
  • මැට් හෙන්රි (නවසීලන්තය)
  • ජස්ප්‍රිට් බුම්රා (ඉන්දියාව)