මොරොක්කෝ භූ කම්පනය: සුන්බුන් අතරින් මිනිසෙකු බේරාගත් සතුට සමරන මුදවා ගැනීමේ සේවකයින්

වීඩියෝ ශීර්ෂ වැකිය, මොරොක්කෝ භූ කම්පනය: මිනිසෙකු ගලවාගත් මුදාගැනීමේ සේවකයින් ප්‍රීතිය සමරයි

මොරොක්කෝවේ මුදාගැනීමේ සේවකයින් විසින්, මවුලි බ්‍රහිම් නගරයේ සමතලාවූ ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයෙකු ගලවාගැනීමට සමත්විය.

මරාච් නුවරට නිරිත දිගින් සිදුවූ ඒකක 6.8ක භූ කම්පනයෙන් පසු දෙදහසකට වැඩි පිරිසක් මියගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇත.