'ඇතාගේ එක දළක් මගේ බඩ පැත්තට තද වුණා.'

වීඩියෝ ශීර්ෂ වැකිය, මෙම ත්‍රාසජනක අත්දැකීමට මුහුණ දෙන විට කසුන් බස්නායක සමග ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා රියදුරු සමග වෑන් රථයේ ගමන් කර තිබුණි.
'ඇතාගේ එක දළක් මගේ බඩ පැත්තට තද වුණා.'

නිවාඩුවක් ගත කිරීම සඳහා ඔස්ට්‍ර්ලියාවේ සිට ලංකාවට පැමිණි කසුන් බස්නායක ඇතුළු පවුලේ සාමාජිකයින් ගමන් කළ වාහනයට යාල - සිතුල්පවුව මාර්ගයේ දී ඇතෙකුගේ ප්‍රහාරයකට ලක් වීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ අවදානය යොමුව තිබේ.

එම බිහිසුණු සිදු වීමේ අත්දැකීම් ඊට මුහුණ දුන් අය BBC සිංහල සේවයට පැවසූහ.

''පුතා කාලා නැතුව සැන්විච් එකක් තිබුණා. තව චිප්ස් වගයක් තිබුණා. ඒ ටික දාලා තමයි අපි ජීවිත බේරා ගත්තේ'' යනුවෙන් කසුන් බස්නායක BBC සිංහල සේවයට පැවසුවේය.

''ඇතාගේ එක දළක් බඩ පැත්තට තද වුණා. මම ඉක්මනින් ෂිට් බෙල්ට් එක පන්න ගෙන පොඩ්ඩක් මෙහාට වුණා. අපි කලබල වුණේ නැති එක තමයි ලොකුම දේ'' යනුවෙන් සංචාරක මග පෙන්වන්නා සහ රියදුරු ලෙස කටයුතු කළ නිශාන්ත විමලසේන සිය අත්දැකීම් විස්තර කළේය.

දෙසැම්බර් 08 වැනි දා මෙම ත්‍රාසජනක අත්දැකීමට මුහුණ දෙන විට කසුන් බස්නායක සමග ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා රියදුරු සමග වෑන් රථයේ ගමන් කර තිබුණි.