අලි මිනිස් ගැටුම: 'අග්බෝට අද දුන්නේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු බෙහෙත්'

වීඩියෝ ශීර්ෂ වැකිය, අලි මිනිස් ගැටුම : 'අග්බෝට අද දුන්නේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු බෙහෙත්'

එංගලන්තයේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයෙකු පරිත්‍යාග කළ ඉන්දියාවෙන් ගෙන් වූ ඖෂධ භාවිත කර, තුවාල ලබා සිටින අග්බෝ ඇතාට ප්‍රතිකාර කිරීම අද (ජූලි 20) අනුරාධපුරය දිවුල්වැව රක්ෂිතයේ දී සිදු කෙරුණු බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ජුනි මස 12 වැනිදා සිට අවස්ථා 15ක දී පමණ මෙම ඇතාට ප්‍රතිකාර කිරීමට වනජීවී නිලධාරීහු ක්‍රියා කළහ.

මෙම ඇතාට ප්‍රතිකාර කිරීමට මුදල් නොමැතිකම හෝ ඖෂධ හිඟය බාධාවක් නොවන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි (ජූලි 19 වැනිදා) මාධ්‍ය හමුවක දී සඳහන් කළාය.

නමුත් අද ඇතාට ප්‍රතිකාර කිරීමට පරිත්‍යාගයක් ලෙස ලැබුණු ඖෂධ භාවිත කළ බව වනජීවී දෙපාර්තමේන්තුව BBC සිංහල සේවයට තහවුරු කළේය.