කෙන්යාවේ අලි පැටවුන් රැකුමට දිවිය කැපකළ යුරෝපීය මව
සෑම වසරකම අප්‍රිකාවේ දහස් ගණනක් අලි ඇතුන් නීති විරෝධී ඇත්දළ ජාවාරම වෙනුවෙන් දඩයම් කරුවන්ගේ ගොදුරක් බවට පත් වෙයි.
මෙහි ප්‍රථිපලයක් ලෙස කුඩා අලි පැටවුන් විශාල ප්‍රමාණයක් මව් ඇතින්නක් නොමැතිව වනයේ අනාථ වන අතර මින් සිය ජීවිතය රැක ගැනීමට සමත් වන්නේ අතලොස්සක් පමණයි.
අලි පැටවකුට සිය දිවියේ පළමු වසර කීපය සිය මව නොමැතිව ජීවිතය රැක ගැනීම විශාල අභියෝගයක්!

ඡායාරූප මූලාශ්‍රය, Wendie
1980 දී ලොව පළමු වරට මාස කීපයක් වයසැති අනාථ ළදරු අලි පැටවකු බේරාගෙන සාර්ථකව ලොකුමහත් කිරීමට කෙන්යාවේ ඩේවිඩ් ශෙල්ඩ්‍රික් වනජීවී අරමුදලේ සභාපතිනිය ඩේම් ඩෆනි ශෙල්ඩ්‍රික් සමත් වූවාය.
එතැන් පටන් ඇය සිය ජීවිතයම කැප කළේ කෙන්යාවේ අනාථ අලි පැටවුන් රැකබලා ගැනීමටයි.
බීබීසි සියයක් කාන්තාවන් වැඩසටහනේ අවධානය දිනාගත් මේ දිරිය කතගේ ජීවිත අන්දරයට සවන් දෙන්න.