දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 109ක පරාජයක්: ශූරතා සිහිනයට කුමක් වෙයි ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.
දෙවන තරගය අද අවසන් වූයේ, දකුණු අප්‍රිකා කණ්ඩායමට ලකුණු 109ක ජයක් හිමි කර දෙමිනි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම සියලු කඩුලු දැවී ලකුණු 358ක් රැස් කළේ ය.
ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී රැස් කළේ, ලකුණු 328ක් පමණි.
දෙවන ඉනිමේදී දකුණු අප්‍රිකාව ලකුණු 317ක් රැස් කළේ ය.
ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 348ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 238කට සීමා විය.
මෙම තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 233ක පරාජයක් හිමි විය.
ඒ අනුව, ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තිබූ තවත් අවස්ථාවක් ගිලිහී ගියේ ය.
ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් තරගය සඳහා වන තරගය මේ වන විට උණුසුම් වී තිබේ.
2023-2025 තරගාවලියේ ටෙස්ට් තරග 11ක් ඉතිරිව තිබියදී, තවමත් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලබමින් ලෝක ටෙස්ට් ශූරයන් වීම සඳහා අවස්ථාවක් පවතින කණ්ඩායම් තුනක් තිබේ.
තරගාවලියේ පළමු අදියර දෙකේදී ම පරාජයට පත්වූ අවසන් තරගකරුවන් වන ඉන්දියාව - සහ දකුණු අප්‍රිකාව මෙන් ම ඔස්ට්‍රේලියාව තවමත් එම ලැයිස්තුවේ ස්ථාවරව සිටී.
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහිව පිළිවෙළින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය ලැබූ පරාජයන් ඔවුන්ගේ බලාපොරොත්තු සියල්ල අවසන් කර ඇත.
BBC Sport විසින් පළමු ස්ථාන දෙක අතරට පිවිසීමට සහ අවසන් තරගයට පිවිසීම දක්වා ඉදිරියට යාමට අවශ්‍ය වන්නේ කුමක් දැයි විමසා බලා ඇත.
ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ලකුණු සටහන
දකුණු අප්‍රිකාව සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකා පරාජය වීමත් සමග දකුණු අප්‍රිකා කණ්ඩායම තරගාවලියේ ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්ව තිබේ.
ඔවුන් සහභාගි වූ තරග 10න් 6ක් ජයගෙන ඇති අතර, තරග 14කින් 9ක් ජය ගත් ඔස්ට්‍රේලියාව දෙවන ස්ථානයේ පසු වෙයි.
තරග 16කින් 9ක ජය හිමි කර ගත් ඉන්දියාව තුන් වන ස්ථානයේ පසු වන අතර, ශ්‍රී ලංකාව තරග 11කින් 5ක් ජය ගැනීමට සමත් වී තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් පසු වන්නේ, සිව් වන ස්ථානයේ ය.
ශ්‍රී ලංකා කණ්ඩායම තරග 6ක් පරාජය වී ඇති අතර, කිසිදු තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් නොවීම විශේෂත්වයකි.
ලෝක ටෙස්ට් ශූරතා ලකුණු ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?
සෑම ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියක් ම වසර දෙකක් පුරා පැවැත්වේ. මෙවර ශූරතාවලිය 2023 ජූනි මාසයේදී ආරම්භ වූ අතර, අවසන් තරගය පැවැත්වෙන්නේ, 2025 ජූනි මාසයේදී ය.
එම කාලය තුළ කණ්ඩායම් තරගාවලි 6 බැගින් ක්‍රීඩා කරයි - සිය රටේදී තරගාවලි තුනක් සහ පිටතදී තුනක් වශයෙනි - තරගයක් ජයග්‍රහණය කළහොත් ලකුණු 12ක්, තරගයක් සම වුවහොත් ලකුණු 6ක් සහ ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් ලකුණු 4ක් ලබා දෙයි.
කෙසේ වෙතත්, කණ්ඩායම් ඔවුන්ගේ තරගාවලි 6ක් පුරා වෙනස් ටෙස්ට් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කරන බැවින්, දිනූ ලකුණු ප්‍රතිශතය අනුව වගුව ශ්‍රේණිගත කෙරේ.
එබැවින්, ජයග්‍රහණය කිරීම (ලකුණු 12) 100%ක් වන අතර, සම වීම (ලකුණු 6) 50% සහ ජය පරාජයෙන් තොර වීම (ලකුණු 4ක්) 33.3% කි.
මේ අතර, මන්දගාමී පන්දු යැවීමක් සිදුවුවහොත් අදාළ කණ්ඩායමෙන් ලකුණු ඉවත් කළ හැකි ය.
ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග කාලසටහන
2024 නොවැම්බර් - 2025 ජනවාරි: ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව (තරග 5)
2024 නොවැම්බර් - 2024 දෙසැම්බර්: දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව (තරග 2)
2024 නොවැම්බර් - 2024 දෙසැම්බර්: නවසීලන්තය සහ එංගලන්තය (තරග 3)
2024 දෙසැම්බර් - 2025 ජනවාරි: දකුණු අප්‍රිකාව සහ පකිස්ථානය (තරග 2)
2025 ජනවාරි: පකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් (තරග 2)
2025 ජනවාරි - 2025 පෙබරවාරි: ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව (තරග 2)
ලෝක ටෙස්ට් ශූරතාවලියට සුදුසුකම් ලැබීමට ඇති අවස්ථා මොනවා ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඔස්ට්‍රේලියාව (සුදුසුකම් ලැබීමේ සම්භාවිතාව: 67.65%)
ඉන්දියාවට එරෙහිව ඇඩිලේඩ්හිදී පැවති දිවා රාත්‍රී දෙවන ටෙස්ට් තරගයේ ජයග්‍රහණයත් සමග ඔස්ට්‍රේලියාවට අවසන් තරගයට පිවිසීමට මාර්ගයක් විවර වී තිබේ.
සුදුසුකම් ලැබීමේ අවස්ථාව ඉතිරිව ඇත්තේ ඔවුන් අත වන අතර, ඔවුන් අවසන් තරග පහෙන් හතරක් ජයග්‍රහණය කළහොත් ලෝඩ්ස්හි අවසන් තරගයට පිවිස තමන් සතු ශූරතාව ආරක්ෂා කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
ඊට තවත් ජයග්‍රහණ 3ක් ප්‍රමාණවත් විය හැකි අතර, ඉන්දියාවට එරෙහිව 2-2ක් ජය පරාජයෙන් තොරව අවසන් කර, ශ්‍රී ලංකාවට එරෙහිව තරගාවලිය ජය ගැනීම ඔස්ට්‍රේලියාවට ප්‍රමාණවත් වනු ඇත.
දකුණු අප්‍රිකාව (සුදුසුකම් ලැබීමේ සම්භාවිතාව: 69.44%)
ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් ලැබූ ජයග්‍රහණය නිසා දකුණු අප්‍රිකාව සුදුසුකම් ලැබීමේ මාර්ගයට පිවිසි සිටී.
ඔවුන්ට තරග තුනක් ඉතිරිව ඇති අතර ඒවා සියල්ල ජය ගතහොත් අවසන් තරගයට පිවිසීම තහවුරු වෙයි.
ජයග්‍රහණ දෙකක් සහ ජය පරාජයෙන් තොර තරගයක් හෝ එක් පරාජයක් ප්‍රමාණවත් විය හැකි නමුත් අනෙකුත් කණ්ඩායම්වල ජයග්‍රහණ ඊට බලපානු ඇත.
ඉන්දියාව (සුදුසුකම් ලැබීමේ සම්භාවිතාව: 64.04%)
දෙවන ටෙස්ට් තරගයේ පරාජය ඉන්දීය කණ්ඩායමේ ඉදිරිය වඩාත් දුෂ්කර කර ඇත.
ඔවුන්ට සුදුසුකම් තහවුරු කර ගත හැකි එක ම ක්‍රමය වන්නේ, අවසන් ටෙස්ට් තරග තුන ම ජය ගැනීම පමණි.
ඒ හැර, ඔවුන්ට සිදුවී ඇත්තේ, වෙනත් කණ්ඩායම්වල ප්‍රතිඵල දෙස බලා සිටීමට ය.
ශ්‍රී ලංකාව (සුදුසුකම් ලැබීමේ සම්භාවිතාව: 61.54%)
තරගාවලියේ ටෙස්ට් තරග දෙකෙන් ම දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලැබීමේ ඍජු අවස්ථා අහිමි වී තිබේ.
අවසන් තරගයට පිවිසීමේ මාර්ගයේ තවදුරටත් රැඳී සිටීමට ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන තරගය ජයග්‍රහණය කළ යුතු වන අතර, අනෙකුත් කණ්ඩායම්වල තරග ප්‍රතිඵල ඔවුන්ගේ මාර්ගයේ ඉදිරියට යාමට බලපානු ඇත.
ලබන වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව සමග ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිත ය.
නවසීලන්තය (සුදුසුකම් ලැබීමේ සම්භාවිතාව: 48.21%)
එංගලන්තය හමුවේ අඛණ්ඩව දෙවන පරාජයත් ලැබීම හේතුවෙන් 2021 ශූරයන් වූ නවසීලන්තයේ බලාපොරොත්තු සියල්ල අවසන් වී තිබේ.
එංගලන්තය, පකිස්ථානය, බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම්වලට අවසන් තරගයට සුදුසුකම් ලැබීම සඳහා කිසිදු අවස්ථාවක් නැත.
එහෙත්, ඇත්ත වශයෙන් ම, 2023 අළු බඳුන තරගාවලියේදී එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව යන කණ්ඩායම් දෙක ම ඇතුළුව කණ්ඩායම් 5ක් මෙම චක්‍රයේ ඇති පරිදි, ඕනෑ ම කණ්ඩායමක මන්දගාමී පන්දු යැවීමක් සඳහා ලකුණු අඩු කළහොත් පවතින තත්ත්වය නැවත වෙනස් විය හැකි බව සඳහන් කළ යුතු ය.
ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ජයග්‍රාහී කණ්ඩායම්
ලෝක ටෙස්ට් ශූරතාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2019දී ආරම්භ කරනු ලැබූ අතර එමගින් ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම ආකෘතියකට ම අදාළව ඉහළ ම මට්ටමේ තරගාවලියක් ලැබිණි.
මීට පෙර මෙම ශූරතාවලිය ජය ගත් කණ්ඩායම් මෙසේ ය:
2019-2021: නවසීලන්තය (ඉන්දියාවට එරෙහිව)
2021-2023: ඔස්ට්‍රේලියාව (ඉන්දියාවට එරෙහිව)
ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් තරගය පැවැත්වෙන්නේ කවදා ද?
2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය එංගලන්තයේ ලෝඩ්ස්හිදී පැවැත්වේ. තරගය ජූනි 11 වන බදාදා ආරම්භ වීමට නියමිත ය.














