ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2026 නව අවුරුද්ද මුලින්ම පිළිගත් රටවල්
- Author, බීබීසී සිංහල
ලොව පළමුවෙන් ම නව වසර උදාව සිදු වූයේ කිරිස්මෙයා දූපතටයි.
එය හවායි වලට දකුණින් සහ ඕස්ට්‍රේලියාවේ ඊසාන දෙසින් පිහිටි පැසිෆික් සාගර රාජ්‍යයක් වන 'කිරිබති' හි කොටසකි. එය වළලු හැඩැති කොරල් පර වලින් - සමන්විත දූපතක් වන අතර නැගෙනහිර සිට බටහිරට කිලෝමීටර 4,000 කට ආසන්න දුරක් විහිදේ.