ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
උතුරු ඇමෙරිකාව අඳුරේ ගිල්වූ පූර්ණ සූර්යග්‍රහණය
උතුරු ඇමෙරිනු රටවල් තුනටම දර්ශනය වූ, මේ සියවසේ පළමු සූර්යග්‍රහණය මෙක්සිකෝව, එක්සත් ජනපදය සහ කැනඩාවේ විශාල පිරිසක් විසින් නිරීක්ෂණය කරනු ලැබූහ.
පැයට කිලෝමීටර් 2,400 ක වේගයෙන් චන්ද්‍ර සෙවනැල්ල පෘථිවිය වසාගත් අතර, එය ටෙක්සාස්, ආකැන්සා සහ අසල්වැසි ප්‍රාන්තවල කොටස් තාවකාලිකව තද අඳුරකට හෙළීමට ප්‍රථම මෙක්සිකානු ප්‍රාන්තයක් වූ ඩුරන්ගෝ සහ කොහුයිලා හරහා ඊසාන දිග වලයාකාර ගමන් මාර්ගයක යෙදුණේ ය.
මෙක්සිකෝ වේලාවෙන්, සඳුදා රාත්‍රී 11:07 ට (GMT 18:07) මෙක්සිකෝවේ මසලාන් නගරය ආසන්නයේ වෙරළ තීරයට සූර්යග්‍රහණය මුලින්ම දර්ශනය විය.
2024 වසරේ දී චන්ද්‍රග්‍රහණ දෙකක් සහ සූර්යග්‍රහණ දෙකක් සිදු වුව ද ශ්‍රී ලංකාවාසීන්ට ඒ කිසිවක් දැක බලා ගැනීමට අවස්ථාවක් නොලැබේ.
මීළඟට ශ්‍රී ලංකාවට දිස්වීමට නියමිත ග්‍රහණය 2025 සැප්තැම්බර් 07 වැනි දින ඇතිවීමට නියමිත පූර්ණ චන්ද්‍රග්‍රහණයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ, තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.