'ස්ටෑන්ඩ් අප් කොමඩි’:නවීන්-රිකී ට්විටර් හබය

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK|Navin Dissanayake
හිටපු අමාත්‍යවරයෙකු වන නවීන් දිසානායක විසින් (මැයි 30 වැනිදා) පලකළ ට්විටර් පණිවිඩයක් හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ විශාල කතිකාවතක් ඇතිවී තිබේ.
ඒ, බ්‍රිතාන්‍ය ප්‍රහසන ශිල්පියෙකු වන රිකී ජිවේස් විසින් හිටපු අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩයට අදහස් දැක්වීමත් සමගයි.

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK|Ricky Gervais
හිටපු ඇමති නවීන් තැබූ ට්විටර් පණිවිඩය කුමක් ද ?
මේ වන විට සමාජයේ කතාබහට තුඩු දී ඇති මාතෘකාවක් වන 'ස්ටෑන්ඩ් අප් කොමඩි' සහ භාෂණයේ නිදහස සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නවීන් දිසානායක විසින් ඉංග්‍රීසි භාෂාවෙන් තබා තිබු ට්විටර් සටහනේ සිංහල පරිවර්තනය පහතින් දක්වා ඇත.
" ස්ටෑන්ඩ් අප් කොමඩි කියන්නේ ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක නිදහස් අදහස් දක්වීමේ කොටසකි. එය රස විඳිය හැකි දෙයක් මිසක් අන්‍යයන්ගේ ආගමික හැඟීම් රිදවන දෙයක් නෙමෙයි. ඔබට විහිළුවක් වන දේයක් තවත් කෙනෙකුට විහිළුවක් නොවෙන්න පුළුවන්. සංවාදයේදී ආගම ඈත් කර තැබීම වඩාත් නුවණට හුරුයි. මොකද ඒක පුද්ගලිකයි."
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
ලැබුණු ප්‍රතිචාර මොනවා ද ?
හිටපු අමාත්‍යවරයාගේ මෙම අදහස් දැක්වීම සම්බන්ධයෙන් ට්විටර් තුළ විවිධ පුද්ගලයින් සිය අදහස් ප්‍රකාශ කර තිබුණි. ඒ අතරින් එක් අයෙකු මෙලෙස ප්‍රශ්නයක් මතුකර තිබුණේය.
" ආගම සංවාදයෙන් ඈත් කරන්නද? භාෂණයේ නිදහස සම්බන්ධයෙන් ඔබ සැලසුම් කරන්නේ කුමන ආකාරයේ සංස්කරණයක්ද?" යන්නයි.
හිටපු අමාත්‍යවරයා එම පැනයට ප්‍රති පිළිතුරු දෙමින් සඳහන් කර සිටියේ මෙවන් දෙයකි.
" ඔබට මූලික ඉංග්‍රීසි භාෂාව හෝ තේරෙන්නේ නැද්ද? ඔබ කරන කිසිම ක්‍රියාවකට ආගම හෝ ආගමික චරිත ඈඳා ගන්න එපා." යනුවෙනි.
මේ අතර තවත ට්විටර් පරිශීලකයෙකු විමසා සිටියේ " එය අත්අඩංගුවට ගැනීමට තරම් වරදක් ද?" යනුවෙනි.
ඊට පිළිතුරු දෙමින් හිටපු ඇමතිවරයා පවසා සිටියේ "ඔව් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 20(2) වගන්තිය යටතේ."
මේ අතර හිටපු අමාත්‍ය නවීන් දිසානායක විසින් තබන ලද ට්විටර් සටහනට ලෝව ප්‍රකට ප්‍රහසන ශිල්පියෙකු වන රිකී ජිවේස් ද අදහස් දක්වා තිබුණි. එහිදී ඔවුන් දෙදෙනා අතර ඇතිවුයේ මෙවන් සංවාදයකි.
ප්‍රහසන ශිල්පී රිකී ජිවේස්
" ඔබේ ට්වීට් එක මට කොතරම් රිදෙව්වාදැයි මට කිව නොහැක. සත්‍යවශයෙන් පැවසුවොත් මට ඒකට කලකිරෙනවා. කරුණාකර එය මකා දමා වහාම සමාව ගත හැකිද?" යනුවෙනි.
ඊට පිළිතුරු දෙමින් හිටපු ඇමතිවරයා මෙසේ පවසා සිටියේය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
" සමාවෙන්න මම ඔයාට රිදෙව්වා නම් @rickygervais, නමුත් මම මගේ ට්වීට් එක මකන්න යන්නේ නැහැ. ඒ මගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසයි මිත්‍රයා." යනුවෙනි.
ඊට ප්‍රහසන ශිල්පී රිකී ජිවේස් " බින්ගෝ" යනුවෙන් පිළිතුරු ලබා දී තිබුණා.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 3
ප්‍රහසන ශිල්පියා සමග ඇතිවූ සංවාදය පිළිබඳව හිටපු ඇමති නවීන් ද අදහස් දැක්වීය.
ප්‍රහසන ශිල්පී රිකී ජිවේස් වගේ ලෝක ප්‍රකට අයෙකු තමන්ගේ ට්විටර් සටහනට අදහස් දැක්වීම සුබ දෙයක් බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් කියා සිටියේය.
" දැන් මගේ ට්විටර් එකට රිකී ජිවේස් වගේ එක්කෙනක් කමෙන්ට් එකක් දාන එක, මිලියන 15ක් ෆ්ලොවර්ස්ලා ඉන්න ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ ප්‍රහසන ශිල්පියෙක්. ඒක ඇත්තටම මට සුබ දෙයක්. මගේ එක දැක්කා කියන එක."
"එයා (ප්‍රහසන ශිල්පී රික් ජිවේස්) කියලා තියෙනවා එයා හර්ට් වෙලා තියෙනවා කියලා. මම කිව්වා ' අයි ඈම් සොරි ෆෝ හර්ට් යු. බට් අයි ඈම් නොට් ගොයින් ටු ඩිලීට් මයි ට්විටර්, බිකොස් ඉට්ස් මයි ෆ්‍රීඩම් ඔෆ් එක්ස්ප්‍රෂන් කියලා."
"ඒකට එයා (ප්‍රහසන ශිල්පී රික් ජර්වෙයිස්) කියලා තියෙනවා 'බින්ගෝ' කියලා."
"ඒ දීලා තියෙන පිළිතුරට අපේ සමහර අය අර්ථ කථනය කරනවා එයා මට හොඳ ෂොට් එකක් දුන්නා කියලා. ඔය ට්විටර් එකේ වෙන දේවල්. ඒවා එච්චරයි."
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 4

End of X post, 5
ස්ටෑන්ඩ් අප් කොමඩි කරද්දී අවධානයෙන් කරන්න
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ ස්ටෑන්ඩ් අප් කොමඩි කිරීමට බාධාවක් නොමැති වුවද එහිදී ආගම්වලට ගැටළු නොවන ආකාරයේ කටයුතු කිරීමට පියවර ගත යුතු බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක පවසයි.
" ස්ටෑන්ඩ් අප් කොමඩි ඒක සම්පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රටක ඒ නිදහස තියෙනවා. මේක ආගම් බහුල රටක්. ඒ නිසා ඉතින් මම හිතන්නේ කොමිඩියන්ස්ලා පාවිච්චි කරන වචන වලින් එහෙම ආගම් වල සිත් රිදවීම් ඇති වෙන්න පුළුවන්. එච්චරයි මම කියන්නේ."
"අනෙක් පැත්තෙන් කියනවා භාෂණයේ නිදහස නිසා ඕනෑම දෙයක් කියන්න පුළුවන් කියලා. ඇත්ත වශයෙන්ම ඕනෑම දෙයක් කියන්න පුලුවන්, නමුත් පුද්ගලයෙකුගේ චරිතය ඝාතනය කරන්න බැහැ. නීතිය අනුව වැරදි අදහස් දෙන්න බැහැ. එහෙම වුනොත් නඩු දාන්න පුළුවන්."
"නමුත් ආගම් අවුස්සන එක ගැන තමයි සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 20(2) වගන්තිය යටතේ තියෙන්නේ. ඉතින් දිගටම ස්ටෑන්ඩ් අප් කොමඩි කරන අය දිගටම ලංකාවේ තිබ්බානේ. ඒක කාටත් ප්‍රශ්නයක් නැහැ. තියන වාතාවරණයත් එක්ක ප්‍රහසන ශිල්පීන් ආගම් සම්බන්ධයෙන් වැඩි පරිස්සමකින් වැඩ කරන්න අවශ්‍යයි කියලයි මම කියන්නේ."
"ආගම් නැතිව අනෙක් ඕනෑම පැත්තකින්, දේශපාලනය ගැන විහිළු කරන එක සාමාන්‍ය දෙයක්. දේශපාලනඥයෙකු වුනාම ඒක දරා ගන්න අපිට පුළුවන් වෙන්න ඕන. තියෙන වාතාවරණය උඩ ආගම් රිදවිමකින් තොරව කරන දේ කරන්න වගබලා ගන්න ඕන. ඒකයි මගේ ඉල්ලීම." හිටපු ඇමතිවරයා ප්‍රකාශ කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි කරන්න ජනාධිපතිතුමාගේ අදහසක් නැහැ
රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි කිරීමට ජනාධිපතිවරයා කිසිදු විටක අදහස් නොකරන බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කර සිටියි.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ රටේ සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ඔහු දරන්නේ කෙබඳු අදහසක් ද යන්න මතුකරන ලද පැනයට පිළිතුරු දෙමිනි.
" හැමෝටම සෝෂල් මීඩියා භාවිතා කරන්න ලංකාවේ අවසර තියෙනවා. සමහර රටවල ඒක නැහැ. මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කාගේවත් නැති කරන්නවත්, අහෝසි කරන්නවත්, අත්හිටුවන්නවත් ජනාධිපතිතුමාට කිසිම අදහසක් නැහැ. එතුමත් ඉන්නවා ට්විටර්වල. එතුමා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අගයන නායකයෙක්. ඉතිං මම හිතන්නේ ඒක හොදයි." යනුවෙන් ඔහු පිළිතුරු දුන්නේය.
කෙසේවෙතත් ‘ස්ටෑන්ඩ් අප් කොමඩි’ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නවීන් දිසානායකගේ ට්විටර් පණිවිඩය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් විවිධ අදහස් හා ප්‍රතිචාර පළවෙමින් තිබේ.