ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආහාර හිඟය නිසා මන්ද පෝෂණයෙන් මිය යන ගාසා ළදරුවන්
ආහාර හිඟය නිසා මන්ද පෝෂණයෙන් මිය යන ගාසා ළදරුවන්
ගාසාහි, දින තුනක් තුළ දරුවන් 21 දෙනෙකු මන්දපෝෂණයෙන් හා කුසගින්නෙන් මිය ගොස් ඇති බව ගාසා නගරයේ ෂිෆා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මොහොමඩ් අබු සල්මියා පැවසීය.
ගාසාහි පිහිටි රන්ටිසි රෝහලේ, මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ඇතුළත් කිරීමේ සංඛ්‍යාවෙහි තියුණු වැඩිවීමක් සිදුවී ඇති බව වෛද්‍යවරු පවසති.
මව්වරුන්ට තම ළදරුවන්ට මව්කිරි දීමට ප්‍රමාණවත් පෝෂණයක් නොමැති අතර, ළදරු කිරි පිටි හිඟයක් ද පවතින බව ඔවුහු පවසති. ඊශ්‍රායල් හමුදා ආධාර සම්බන්ධීකරණ ආයතනය වන COGAT ආයතනය පැවසුවේ, මෑත සතිවලදී ගාසා වෙත ළදරු ආහාර ටොන් 2,000ක් පමණ රැගෙන ආ බව ය.