ආහාර හිඟය නිසා මන්ද පෝෂණයෙන් මිය යන ගාසා ළදරුවන්

වීඩියෝ ශීර්ෂ වැකිය, මන්ද පෝෂණයෙන් මිය යන ගාසා ළදරුවන්
ආහාර හිඟය නිසා මන්ද පෝෂණයෙන් මිය යන ගාසා ළදරුවන්

ගාසාහි, දින තුනක් තුළ දරුවන් 21 දෙනෙකු මන්දපෝෂණයෙන් හා කුසගින්නෙන් මිය ගොස් ඇති බව ගාසා නගරයේ ෂිෆා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මොහොමඩ් අබු සල්මියා පැවසීය.

ගාසාහි පිහිටි රන්ටිසි රෝහලේ, මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ඇතුළත් කිරීමේ සංඛ්‍යාවෙහි තියුණු වැඩිවීමක් සිදුවී ඇති බව වෛද්‍යවරු පවසති.

මව්වරුන්ට තම ළදරුවන්ට මව්කිරි දීමට ප්‍රමාණවත් පෝෂණයක් නොමැති අතර, ළදරු කිරි පිටි හිඟයක් ද පවතින බව ඔවුහු පවසති. ඊශ්‍රායල් හමුදා ආධාර සම්බන්ධීකරණ ආයතනය වන COGAT ආයතනය පැවසුවේ, මෑත සතිවලදී ගාසා වෙත ළදරු ආහාර ටොන් 2,000ක් පමණ රැගෙන ආ බව ය.