ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නාමල් රාජපක්ෂ : 'රාජපක්ෂලා නෙමෙයි රට බංකොලොත් කළේ, ගෝඨාභය පව් කියලත් කියනවා'
ලෝකයේ ප්‍රභල ව්‍යාපාරිකයන් සම්බන්ධ කරගත හැකි ලෙස කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (පොර්ට් සිටි) ලබන 22 දායින් පසු යළි සක්‍රිය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.
''වරාය නගරයත්, මේ සංවර්ධන යෝජනා හැදුවේ ඇයි කියලා අපි දන්නවා. ඒ බිස්නස් ප්ලෑන් එක අපි ළඟ තියෙනවා. 22න් පස්සේ අපි පිහිටුවන ආණ්ඩුවක් තුළ ලංකාව ආසියාවේ ගනුදෙනු කරන කේන්ද්‍රස්ථානය බවට අපි පරිවර්තනය කරනවා. රාජපක්ෂලා මේ රට බංකොලොත් කළා කියලා, ඒ අයම අද කියනවා රාජපක්ෂලා නෙමෙයි රට බංකොලොත් කළේ. ගොඨාභය පව් කියලත් කියනවා '' යනුවෙන් ඔහු සඳහන් කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත්‍රයා මෙන්ම ජනාධිපති ධූරය අත්හැර රටින් පලා ගිය ගෝඨාභය රාජපක්ෂගේ සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ ඥාති පුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සහභාගී වූ අවසන් රැළිය සැප්තැම්බර් 18 පිළියන්දල, සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.