මැයි 18: වසර 15ක් මුල්ලිවයික්කාල් වෙරළ තීරයෙන් ඇසෙන යුද්ධයේ අමිහිරි දෝංකාරය

මැයි 18: වසර 15ක් මුල්ලිවයික්කාල් වෙරළ තීරයෙන් ඇසෙන යුද්ධයේ අමිහිරි දෝංකාරය

''යුද්ධයේ අවසන් වෙලාවේ අපි යනකොට මුලතිව්වල රතුපාට CTB බස් එකකට ටික දෙනෙක් නග්ගගෙන තියෙනවා. ආමි එකෙන් නගින්න කියලා, බස් එකට නග්ගගෙන තියෙන්නේ. එතන මගේ මහත්තයත් හිටියා කියලා මගේ මස්සිනා දැකලා අපිට කිව්වා.'' යනුවෙන් වසර 15ක් තිස්සේ සිය සැමියා සොයන සෙල්වරාසා පද්මිණි BBC සිංහල සේවයට පැවසුවාය.

යුද්ධයෙන් මිය ගිය සහ අතුරුදහන්වූවන් සිහි කිරීමට අද (මැයි 18) ඔවුන්ගේ පවුල්වල ඥාතීහු මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළට පැමිණ සිටියහ.

"එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විමර්ශන මගින් ගැටුමට සම්බන්ධ දෙපාර්ශවයම විසින් සිදු කරන ලද ජාත්‍යන්තර නීතියට අනුව අපරාධ, ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ විශ්වසනීය සාක්ෂි සොයාගෙන ඇති නමුත් එවැනි බරපතල අපරාධ සම්බන්ධයෙන් ස්වාධීන හෝ අපක්ෂපාතී ජාතික පරීක්ෂණයක් අදටත් සිදු වී නැහැ. ගැටුම අතරතුර බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ට ඔවුන්ගේ සමීපතමයන් අදටත් සොයා යාමට සිදු වෙලා. වින්දිතයින් කොපමණ කාලයක් නිෂ්ඵල ලෙස යුක්තිය ඉල්ලා සිටියද යන්න අසන්නට ලැබීම ඇත්තෙන්ම හද කම්පා කරවනවා.'' යනුවෙන් මුල්ලිවලික්කාල් හි පැවති අනුස්මරණ උත්සවයට සහභාගී වූ ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ මහලේකම් ඇග්නස් කැලමාර්ඩ් පැවසුවාය.