ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අවසන් සටන ; ''මුල්ලිවයික්කාල් සැමරුම අද නිදහසේ කොළඹදී කරන්න අවස්ථාව ලැබුණා.''
යුද්ධය නිමා කළ දිනය ලෙස සැලකෙන අද (මැයි 18) මිය ගිය අය සිහිපත් කිරීමේ උත්සවයක් කොළඹ, ගාලු මුවදොර පිටියේ ක්‍රියාත්මක 'ගෝඨා ගෝ ගම' දී පැවැත් වුණි.
සර්ව ආගමික පුජකතුමන්ලාගේ මුලිකත්වයෙන් එය සංවිධානය කර තිබීම විශේෂත්වයක් විය.
මුලතිව්, මුල්ලිවයික්කාල් ප්‍රදේශය මුල් කරගෙන මීට පෙර මෙම සැමරුම සිදු කෙරුණි. ඒ අවස්ථාවන්හි දී ආරක්ෂක අංශවලින් ඊට බාධා සිදු වුව ද අද දිනයේ බාධාවකින් තොරව යුද්දයේදී මියගිය අය සමරන්නට හැකි වූ බව ඊට සහභාගී වුවෝ බීබීසීයට පැවසූහ.