ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ට්‍රම්ප්ගේ සාම සැලැස්ම අනුව' ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර අනියම් සාකච්ඡා ඇරඹෙයි
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගාසා සාම සැලැස්ම ක්‍රියාත්මක කිරීම අරමුණු කර ගනිමින් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අද ඊජිප්තුවේ අනියම් සාකච්ඡාවක් ආරම්භ කිරීමට නියමිත ය.
හමාස්, කටාර් සහ ඊජිප්තුව අතර ශ්‍රී ලංකාවේ වේලාවෙන් දහවල් 12.30ට පූර්ව සාකච්ඡා ආරම්භ වූ බව අපගේ ගාසා වාර්තාකරු රුෂ්ඩි අබුලූෆ් ලිවීය.
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ඇතුළුව ට්‍රම්ප්ගේ කරුණු 20ක් සහිත සැලැස්මේ කොටස්වලට හමාස් සංවිධානය එකඟ වී ඇති නමුත් සියලු කොන්දේසි පිළිගෙන නැත.
හමාස් දූත පිරිස මෙහෙයවනු ලබන්නේ ඊශ්‍රායලය පසුගිය මාසයේ කටාර්හිදී ඝාතනය කිරීමට උත්සහ කළ කලීල් අල්-හයියා විසිනි.
ඉරිදා රාත්‍රියේ ට්‍රම්ප් "සියලු දෙනා ම වේගයෙන් වැඩ කළ යුතු බව" ලෙස ඉල්ලා සිටි අතර, "පළමු අදියර මේ සතියේ අවසන් කළ යුතු බවට මම කියලා තියෙනවා" යනුවෙන් පැවසීය.
කෙසේ වෙතත්, ගාසාවට එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාර දිගට ම පවතින බව අපගේ වාර්තාකරු වාර්තා කරයි.
සිවිල් ආරක්ෂක අංශය පවසන්නේ, එම ප්‍රහාරවලින් පැය 24ක් තුළ පලස්තීනුවන් 24 දෙනෙකු මිය ගොස් ඇති බව ය.