'ට්‍රම්ප්ගේ සාම සැලැස්ම අනුව' ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර අනියම් සාකච්ඡා ඇරඹෙයි

OCTOBER 5: Smoke rises over the Gaza Strip after an Israeli bombardment as seen from a position on the Israeli side of the border on October 5, 2025 in Southern Israel, Israel. Indirect talks between Israel, Hamas, and US mediators are set to begin in Cairo on Monday, following President Donald Trump's imposed ceasefire deadline set for today. Hamas has said in a statement that it agrees to free the remaining hostages in Gaza under the US peace plan, but has not agreed to disarmament and other aspects outlined under the 20-point plan. A statement from Israeli Prime Minister Benjamin Netanyahu's office said, "Israel is preparing to immediately implement the first phase of Trump's plan for the immediate release of all hostages." (Photo by Amir Levy/Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගාසා සාම සැලැස්ම ක්‍රියාත්මක කිරීම අරමුණු කර ගනිමින් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අද ඊජිප්තුවේ අනියම් සාකච්ඡාවක් ආරම්භ කිරීමට නියමිත ය.

හමාස්, කටාර් සහ ඊජිප්තුව අතර ශ්‍රී ලංකාවේ වේලාවෙන් දහවල් 12.30ට පූර්ව සාකච්ඡා ආරම්භ වූ බව අපගේ ගාසා වාර්තාකරු රුෂ්ඩි අබුලූෆ් ලිවීය.

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ඇතුළුව ට්‍රම්ප්ගේ කරුණු 20ක් සහිත සැලැස්මේ කොටස්වලට හමාස් සංවිධානය එකඟ වී ඇති නමුත් සියලු කොන්දේසි පිළිගෙන නැත.

හමාස් දූත පිරිස මෙහෙයවනු ලබන්නේ ඊශ්‍රායලය පසුගිය මාසයේ කටාර්හිදී ඝාතනය කිරීමට උත්සහ කළ කලීල් අල්-හයියා විසිනි.

ඉරිදා රාත්‍රියේ ට්‍රම්ප් "සියලු දෙනා ම වේගයෙන් වැඩ කළ යුතු බව" ලෙස ඉල්ලා සිටි අතර, "පළමු අදියර මේ සතියේ අවසන් කළ යුතු බවට මම කියලා තියෙනවා" යනුවෙන් පැවසීය.

කෙසේ වෙතත්, ගාසාවට එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාර දිගට ම පවතින බව අපගේ වාර්තාකරු වාර්තා කරයි.

සිවිල් ආරක්ෂක අංශය පවසන්නේ, එම ප්‍රහාරවලින් පැය 24ක් තුළ පලස්තීනුවන් 24 දෙනෙකු මිය ගොස් ඇති බව ය.