ප්‍රිත්වි ෂෝ: ක්‍රිකට් ලෝකය කැළඹූ විස්මිත දරුවාගේ අනාගතයට කුමක් වෙයි ද?

ඡායාරූප මූලාශ්‍රය, AFP
- Author, අයාස් මේමන්
- Role, ක්‍රිකට් ලේඛක
පසුගිය මාසයේ සෞදි අරාබියේ පැවති දැවැන්ත වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 27කට ලක්නව් සුපර්ජයන්ට්ස් සමග ගිවිසුම් ගතවූ රිෂබ් පන්ත්, ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ වැඩි ම මිලක් නියම වූ ක්‍රීඩකයා බවට පත්විය.
නමුත් එහිදී වැඩි අවධානයක් දිනා ගත්තේ පන්ත්ගේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ සගයා වූ ප්‍රිත්වි ෂෝ ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි නොවීම පිළිබඳ පුවත යි.
ලංසු තැබීමේ තනතුරු සඳහා වෙන්දේසියේ අසුන් ගත් අය අතර ෂෝ, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග සිටි සමයේ ඔහු සමග සමීපව ඇසුරු කළ සෞරව් ගංගුලි සහ රිකී පොන්ටින් මෙන් ම 2018 වසරේදී ෂෝ යටතේ ඉන්දියාව අවුරුදු 19න් පහළ ලෝක කුසලානය දිනා ගන්නා විට එහි පුහුණුකරු ලෙස කටයුතු කළ රාහුල් ඩ්‍රාවිඩ් ද විය.
ඔවුන්ගේ අකමැත්ත ප්‍රකාශ විය. ෂෝට කිසිදු ගැනුම්කරුවෙකු නොවීය.
බලාපොරොත්තු නොවූ ලෙස, 2024 IPL වාරය ආරම්භ වීමට මාස නවයකට පෙර, පන්ත් ඔහුගේ වෘත්තීය ජීවිතය අනතුරේ හෙළා ගත්තේ ය.
2022 දෙසැම්බරයේ සිදුවූ බිහිසුණු මෝටර් රථ අනතුරකින් ඔහුට ජීවිත තර්ජන ගෙන දෙන තුවාල කිහිපයක් සිදු විය. නමුත් විශිෂ්ට අධිෂ්ඨානය සහ ස්වයං විනයක් පෙන්වමින්, පන්ත් ඔහුගේ වෘත්තීය ජීවිතයට මාරාන්තික ලෙස සිදුවූ දෑ පරාජය කිරීමට සටන් කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
IPL 2024 තරගාවලියේදී පන්ත් අභියෝගවලට මුහුණ දුන් අතර ජාත්‍යන්තර ක්‍රිකට් තරග වෙත වේගවත් නැවත කැඳවීමක් ලබා ගනිමින් විශිෂ්ට දස්කම් දැක්වීය. ඔහු විස්සයි 20 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ සාමාජිකයෙකු විය. දේශීය තරග වාරයේ ආධිපත්‍යය දැරූ ඔහු දේශීය දුලීප් කුසලානය තුළ විස්මිත ලෙස දස්කම් දැක්වූ අතර එය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පැමිණීමට ඔහුට මග විවර කළේ ය. බංග්ලාදේශයට එරෙහි තරගයේදී ඔහු ශතකයක් ලබා ගනිමින් පිටිය ආලෝකවත් කළේ ය.
මේ අතර, දුර්වල IPL තරගවාර කිහිපයකින් පසු පීඩනයට ලක්වූ ෂෝ, එක් අර්බුදයකින් තවත් අර්බුදයකට ඇද වැටී ඇත.
IPL 2024හි ඔහුගේ අසාර්ථක ස්වරූපය හේතුවෙන් තරගවාරය අතර මැදදී කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනා අතර වූ ඔහුගේ ස්ථානය අහිමි විය. වත්මන් දේශීය තරග වාරයේ අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම හේතුවෙන් ඔහුට මුම්බායි රංජි කුසලාන කණ්ඩායමේ ස්ථානය ද අහිමි විය. IPL මෙගා වෙන්දේසියේදී එකහෙළා ම ප්‍රතික්ෂේප වීම ඔහුගේ වෘත්තීය ජීවිතය අකල් අවසානයක් වෙත රැගෙන එමින් ඇත.
ටික කලකට පෙර ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවේ 'ඉදිරි අනාගතය' ලෙස හුවා දක්වන ලද 25 හැවිරිදි තරුණයාට එය බලවත් ඇදවැටීමක් විය.
2013 නොවැම්බර් මාසයේදී 14 හැවිරිදි ෂෝ රිස්වි ස්ප්‍රින්ග්ෆීල්ඩ් වෙනුවෙන් කීර්තිමත් ක්‍රිකට් තරගාවලියක් වූ හැරිස් තරගාවලියේදී ලකුණු 546ක් රැස් කළ අතර, එය ප්‍රධාන සිරස්තලයක් මවමින් ලෝක කනිෂ්ඨ ක්‍රිකට් පිටියේ වැඩි ම ලකුණු සංඛ්‍යාව රැස් කළේ ය.
ඉන්දියාවේ වඩාත් ම කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයා වන සචින් තෙන්ඩුල්කාර් ඊට සතියකට පෙර විශ්‍රාම ගොස් තිබූ අතර, ෂෝ එම ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයා සමග ක්ෂණික සංසන්දනයකට ලක්විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
1987 වසරේ පාසල් තරගයකදී විනෝද් කම්බ්ලි සමගින් ඔහුගේ ලෝක වාර්තාගත ලකුණු 664ක සබඳතාවයෙන් පසුව තෙන්ඩුල්කාර් විශිෂ්ටත්වයට පත් වීම, විශේෂයෙන් මුම්බායිහි පිතිකරුවන් කිහිප දෙනෙකුට ආස්වාදයක් ලබා දුන්නේ ය. ෂෝ ඔවුන්ගෙන් කෙනෙකි.
මිටි සහ තරමක් තරබාරු ආරම්භක පිතිකරුවෙකු වූ ෂෝට නව යොවුන් වියේදී පවා තෙන්ඩුල්කාර් සතුව තිබූ තාක්ෂණික දක්ෂතාව නොතිබිණි. නමුත් ඔහුට පිතිකරණයේදී කාලය ගලපා ගැනීමේ හැකියාවක් තිබූ අතර, තේරීම් කමිටු නිලධාරීන් ක්ෂණිකව ආකර්ෂණය කර ගන්නා තරමට ඔහුගේ ප්‍රහාරය පන්දු යවන්නන් වෙත එල්ල විය.
ඔහු තෙන්ඩුල්කාර් මෙන් පළමු පෙළ ක්‍රිකට් තරග වෙත වේගයෙන් යොමු විය. දේශීය රංජි සහ දුලීප් කුසලානවල මංගල තරගවලදී ශතක රැස් කිරීම, ඔවුන් දෙදෙනා අතර සංසන්දනයන් ඉහළ නැංවීය.
2018 අගභාගයේදී, ඔහු බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ටෙස්ට් තරගාවලිය සඳහා කැඳවනු ලැබීය. ෂෝ පන්දු 154කදී ලකුණු 134ක් රැස් කළේ ය. ඔහුට එවිට යන්තම් වයස අවුරුදු 19ක් සම්පූර්ණ වී තිබිණි. එවන් අඩු වයසකදී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කර තිබුණේ ඉන්දියානුවන් අතරින් තෙන්ඩුල්කාර් පමණි.
තෙන්ඩුල්කාර් සහ විරාත් කෝලිගේ වටිනා අනුප්‍රාප්තිකයෙකු ලෙස හුවා දක්වන ලද ෂෝ ලෝකය ඔහුගේ පාමුල තබා ගත්තේ ය. නමුත් එතැන් සිට ඔහු ලිස්සනසුලු බෑවුමක සිටියි.
සිය දැකුම්කලු මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කර වසර 6කට පසුව ඔහු ක්‍රීඩා කර ඇත්තේ, ටෙස්ට් තරග හතරකට පමණි. ඊට අමතරව, එක්දින තරග 6කට සහ එක් විස්සයි 20 තරගයකට ඔහු ක්‍රීඩා කළේ ය. කලක් සුවිශේෂී ලෙස දීප්තිමත් හා කල් පවතිනු ඇතැයි අපේක්ෂා කළ ක්‍රීඩකයාගේ වෘත්තීය ජීවිතය බලාපොරොත්තු සුන් කරන්නක් බවට පත්ව ඇත.
2020 වසරේදී ඇති වූ පාදයේ ආබාධය හේතුවෙන් ඔස්ට්‍රේලියානු සංචාරයෙන් ඔහුව ආපසු හරවා යැවීම ෂෝගේ ගැටලුවල ආරම්භය විය. එම වසරේ අගභාගයේදී, ඔහු තහනම් උත්තේජක පිළිබඳ පරීක්ෂණයකින් වරදකරු වූ අතර සුළු දඬුවමකින් බේරීමට තරම් වාසනාවන්ත විය. ඉන්පසුව ඔහුගේ පිතිකරණ හැකියාව ක්‍රමයෙන් පහත වැටීමට පටන් ගත් අතර, තේරීම් කමිටු සාමාජිකයින් විස්මයට පත් කිරීම සඳහා විශිෂ්ට තරග රටාවක් පෙන්නුම් කළේ ඉතා කලාතුරකිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ අතර, ෂෝ සාදවලදී ගැටුම්වල පැටලෙන බවට කටකතා පැතිරෙන්නට විය. IPL 2024 තරගාවලියේ මැද භාගය වන විට ඔහුට ඒ පිළිබඳව ලිඛිතව දැනුම් දීමක් සිදු කර තිබිණි. IPL 2025 මෙගා වෙන්දේසියෙන් පසුව, ඔහුගේ වෘත්තීය ජීවිතය අවිනිශ්චිතතාවකට එළඹ ඇතැයි පෙනෙන්නට තිබේ.
ආබාධ, රෝගී තත්ත්වයන් සහ ක්‍රීඩා විලාසයේ දුර්වලතා වැනි බාහිර සාධක, ප්‍රගතිය කෙරෙහි සැලකිය යුතු ඍණාත්මක බලපෑමක් ඇති කළ හැකිය. නමුත් ෂෝට සමීප අය හෙළි කරන්නේ ඔහුගේ අවිනිශ්චිත බිඳවැටීම සඳහා අවාසනාව ද බලපා ඇති බව ය.
දිල්ලි කැපිටල්ස් පුහුණුකරු ලෙස ෂෝ සමග සමීපව කටයුතු කළ රිකී පොන්ටිං මෙසේ පවසයි: "ඔබට දිය හැක්කේ උපදෙස් පමණක් වන අතර ඔබට [ඔහුව නිරාකරණය කිරීමට] උත්සහ කළ හැක්කේ කිහිප වතාවක් පමණි.
දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කළ හිටපු ඉන්දීය පිතිකරු ප්‍රවීන් අම්රේ වඩාත් ඍජු විය. "IPL කීර්තිය සහ මුදල් හැසිරවීමට ප්‍රිත්විගේ නොහැකියාව ඔහුගේ පසුබෑමකි. විනය නොමැතිකම නිසා ඔහුගේ වෘත්තීය ජීවිතය බිඳ දමා ගත් විනෝද් කම්බ්ලි ගැන පවා ආදර්ශයට ගෙන මම ඔහුට කිහිප වතාවක් ම කතා කර තිබෙනවා," අම්රේ ජාතික පුවත්පතකට පැවසීය.
IPL තරුණ ක්‍රීඩකයන්ගේ ජීවිතවල විප්ලවීය වෙනසක් ඇති කර ඇති අතර, දක්ෂතා සහ ජීවනෝපාය සඳහා වේදිකාවක් සකසයි. එහෙත්, මුල් සාර්ථකත්වය, ක්ෂණික කීර්තිය සහ වේගවත් ධනය පිළිබඳ අභියෝග දැඩිව පවතී. රාහුල් ඩ්‍රාවිඩ් වයස අවුරුදු 19න් පහළ සහ ඉන්දීය A කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඔහුගේ අත්දැකීම් උකහා ගනිමින් ක්‍රීඩකයන් නිසි පරිදි තබා ගැනීම සඳහා ශක්තිමත් කනිෂ්ඨ මට්ටමේ උපදේශකත්වයේ අවශ්‍යතාව අවධාරණය කර ඇත. ෂෝ මුහුණ දෙන ගැටලු ඔහුගේ තීක්ෂ්ණ බුද්ධියේ වැදගත්කම අවධාරණය කරයි.
ෂෝගේ අනාගතය කුමක් වනු ඇත්දැයි කාලය පවසනු ඇත.
25 හැවිරිදි ඔහුට, තවමත් වයස තිබේ. එහෙත් ඉන්දීය ක්‍රිකට් දක්‍ෂතාවන්ගෙන් පිරී ඉතිරී යන අතර ස්ථාන සඳහා තරගය දැඩි වේ. මෙතැන් සිට මාර්ග සියල්ල ම ඉහළ ය.
"ක්‍රීඩාවේ විශිෂ්ටතම කතා සමහරක් නැවත පැමිණීමේ කතා වේ, ප්‍රිත්වි ෂෝගේ දිගුකාලීන සාර්ථකත්වය ගැන සැලකිලිමත් වන විනීත මිනිසුන් ඔහු වටා සිටී නම්, ඔවුන් ඔහුව වාඩි කරවා, ඔහුට සමාජ මාධ්‍යවලින් ඉවත් වන ලෙස පවසනු ඇත. එය ඔහුව නිවැරදි මාවතට ගෙන එනු ඇත. ඔහු ඉවත දැමීමට නොහැකි තරම් දක්ෂයෙක්," හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක කෙවින් පීටර්සන් සිය X ගිණුමේ පළකර තිබේ.
ෂෝ වෙත ලැබෙන පණිවිඩය පැහැදිලි ය. ගැලවීම ඇත්තේ ඔහුගේ ම අතේ ය.














