ශෂාන්ක් සිං: ක්‍රීඩක වෙන්දේසියේදී 'වැරදීමකින්' මිල දී ගත් ක්‍රීඩකයා පන්ජාබ් කණ්ඩායමට ජය ගෙනෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (අප්‍රේල් 05) ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග පැවති තරගයේ ජයග්‍රහණය හඹා යාමේදී අතිශය දුෂ්කර තත්ත්වයක සිටි පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට ජයග්‍රහණය අත්පත් කර දීම සඳහා හේතු වූයේ, ශෂාන්ක් සිං නමැති නවක ක්‍රීඩකයෙකු පීඩනයට මුහුණ දෙමින් ගොඩ නැගූ ඉනිම යි.

ඡායාරූප මූලාශ්‍රය, Indian Premier League| Facebook

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (අප්‍රේල් 04) ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග පැවති තරගයේ ජයග්‍රහණය හඹා යාමේදී අතිශය දුෂ්කර තත්ත්වයක සිටි පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට ජයග්‍රහණය අත්පත් කර දීම සඳහා හේතු වූයේ, ශෂාන්ක් සිං නමැති නවක ක්‍රීඩකයෙකු පීඩනයට මුහුණ දෙමින් ගොඩ නැගූ ඉනිම යි.

මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ගුජරාට් කණ්ඩායම කඩුලු 4කට ලකුණු 199ක් රැස් කර තිබිණි. ‍ඒ අනුව, ලකුණු 200ක අසීරු ඉලක්කයක් හඹා ගිය පන්ජාබ් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් කිහිප දෙනෙක් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගොස් සිටියහ.

කඩුලු 4කට ලකුණු 70ක් ලබා අසරණ තත්ත්වයක සිටි පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ කඩුලු 7ක් බිඳ වැටෙද්දී ශෂාන්ක් සිං වගකීම තමන් වෙත පවරා ගනිමින් ගුජරාට් පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් ලකුණු රැස් කළේ ය.

අවසානයේ බොහෝ දෙනෙකු නොසිතූ විරූ ලෙස පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට කඩුලු 3ක ජයක් අත්කර ගැනීමට ඔහුගේ පිතිහරඹය ඍජුව බලපෑවේ ය.

මෙහි විශේෂත්වය වන්නේ, මෙම ක්‍රීඩකයා ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී 'වැරදීමකින්' පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට මිල දී ගැනීමට සිදුවූ ක්‍රීඩකයෙකු වීම ය.

කඩුලු 4කට ලකුණු 70ක් ලබා අසරණ තත්ත්වයක සිටි පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ කඩුලු 7ක් බිඳ වැටෙද්දී ශෂාන්ක් සිං වගකීම තමන් වෙත පවරා ගනිමින් ගුජරාට් පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් ලකුණු රැස් කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කඩුලු 4කට ලකුණු 70ක් ලබා අසරණ තත්ත්වයක සිටි පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ කඩුලු 7ක් බිඳ වැටෙද්දී ශෂාන්ක් සිං වගකීම තමන් වෙත පවරා ගනිමින් ගුජරාට් පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් ලකුණු රැස් කළේ ය.

'වැරදීමකින් මිල දී ගැනීමට සිදුවූ හැටි'

2024 වසරේ ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 20ක මූලික මුදලකට ශෂාන්ක් සිංගේ නම නිවේදනය කළ පසු පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් මිල දී ගන්නා නිලධාරීන් ඔහු මිල දී ගන්නා බවට හඟවන පුවරුව එසවීය.

ඔහුට වෙනත් කිසිදු කණ්ඩායමකින් ඉල්ලීමක් නොලැබුණු හෙයින් එම ක්‍රීඩකයා පන්ජාබ් කණ්ඩායමට අයත් වන බව වෙන්දේසිය මෙහෙයවූ මල්ලිකා සාගර් ස්ථිර කළා ය.

එහෙත්, එම ක්‍රීඩකයා තමන්ට අවශ්‍ය නොවන බව පන්ජාබ් නිලධාරීන් අඟවා ඇති අතර, අදාළ ක්‍රීඩකයා සම්බන්ධයෙන් මුදල ස්ථිර කළ හෙයින් ඔහු මිල දී ගත යුතු බව මල්ලිකා සාගර් දැනුම් දුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් කර තිබේ.

ඒ අනුව, 237 වන අංකය හිමි ශෂාන්ක් සිං ද මිල දී ගැනීමට ඔවුන්ට සිදු විය.

පන්ජාබ් කණ්ඩායම වෙනත් ක්‍රීඩකයෙකුගේ නමක් සමග පටලවා ගනිමින් සිදු කළ ඉල්ලීම නිසා ශශන්ක් සිං අනපේක්ෂිත ලෙස භාර ගැනීමට සිදුවී තිබිණි.

ඉන්දීය රුපියල් ලක්ෂ 20ක අවම මුදලකට අලෙවි වූ ශෂාන්ක් සිං සම්බන්ධයෙන් පන්ජාබ් කිංග්ස් බලධාරීන් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ, "ශෂාන්ක් සිං ඔවුන්ගේ මිල දී ගැනීම් ලැයිස්තුවේ සිටි ක්‍රීඩකයෙකු," බව ය. එක ම නම තිබූ ක්‍රීඩකයින් දෙදෙනෙකු සිටි හෙයින් යම් පටලැවීමක් සිදුවූ බව එහි සඳහන් කර තිබිණි. ඔහු සිය කණ්ඩායමේ සාමාජිකයෙකු වීම සම්බන්ධයෙන් සතුටු වන අතර කණ්ඩායමේ සාර්ථකත්වයට ඔහු දක්වන දායකත්වය අගය කරන බව ද එම නිවේදනය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ඉර්ෆාන් පතාන් සිය X ගිණුමෙහි සටහනක් තබා තිබිණි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 1

මේ අතර, පරාජය අබියස තිබූ තරගයක් ජයග්‍රහණය කරවීමට උර දුන් ශෂාන්ක් සිංගේ දායකත්වය අගය කරමින් පන්ජාබ් කණ්ඩායමේ හිමිකාරිය වන ජනප්‍රිය නිළි ප්‍රීටි සින්ටා ද සිය X ගිණුමෙහි අදහස් දක්වා තිබිණි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 2

ඊට අමතරව, ශෂාන්ක් සිංගේ විශිෂ්ට ඉනිම පිළිබඳව ක්‍රීඩා ලෝලීන් ද අදහස් පළ කර තිබේ.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 3

ශෂාන්ක් සිං යනු කවුද?

32 හැවිරිදි ශෂාන්ක් සිං, පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරයි. ඔහු දකුණතින් මද වේග පන්දු යවන්නෙකු ද වේ.

ඔහු දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්, සන්රයිසර්ස් හයිදරාබාද් සහ රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම්වල සාමාජිකත්වය දරා ඇති අතර, ඉන්දීය ජාතික කණ්ඩායමට මෙතෙක් අවස්ථාවක් ලැබී නැත.

පන්දු වාර 20 තරග 59කට ක්‍රීඩා කර ඇති ශෂාන්ක් ලකුණු 851ක් රැස් කර ඇති අතර, ඊයේ තරගයේදී ඔහු වාර්තා කළේ සිය වැඩි ම ලකුණු සංඛ්‍යාව ය.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ඔහු ක්‍රීඩා කළ තරග තුනේදී ම, පිළිවෙළින් ලකුණු 21, 9 සහ 61ක් නොදැවී රැස් කර සිටීම විශේෂත්වයකි.

පන්ජාබ් කිංග්ස් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සමග තරග 4කට ක්‍රීඩා කර ඇති පන්ජාබ් කණ්ඩායම තරග 2කින් ජයගෙන ඇත.

ඒ අනුව, පන්ජාබ් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.