මතීෂ පතිරණ, දෝනිගේ පාද ස්පර්ශ කර ආශිර්වාද ලබා ගත් කතාවේ ඇත්ත නැත්ත

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL 2024) තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණට ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ දැඩි ආදරය දිනා ගැනීමට හැකි වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Chennai Super Kings |Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL 2024) තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණට ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ දැඩි ආදරය දිනා ගැනීමට හැකි වී තිබේ.

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL 2024) තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණට ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ දැඩි ආදරය දිනා ගැනීමට හැකි වී තිබේ.

මෙවර තරගාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවති පළමු තරගයට මතීෂ පතිරණ ක්‍රීඩා නොකළ අතර, මාර්තු 26 වන දා ගුජරාට් ටයිටන්ස් සමග පැවති තරගයට ක්‍රීඩා කළේ, impact player ලෙස ය.

ඒ අනුව, පන්දු යැවීමෙහි නිරත වූ ඔහු පන්දු වාර 4ක් යවමින් ලකුණු 29කට එක් කඩුල්ලක් බිඳ හෙළී ය. ඔහු ලබා දුන් ලකුණු සාමාන්‍යය පන්දු වාරයකට ලකුණු 7.25කි. තුෂාර් දේශ්පාණ්ඩේ සහ දීපක් චහාර්ට පසු, සුපර් කිංග්ස් වෙනුවෙන් තරගයේ තුන් වන හොඳ ම පන්දු යැවීම මතීෂ වාර්තා කළේ ය.

ගුජරාට් ටයිටන්ස් සමග පැවති තරගයට ක්‍රීඩා කළේ, impact player ලෙස ය.

ඡායාරූප මූලාශ්‍රය, Chennai Super Kings |Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, ගුජරාට් ටයිටන්ස් සමග පැවති තරගයට මතීෂ ක්‍රීඩා කළේ, impact player ලෙස ය

දැඩි අවධානයකට ලක්වූ මතීෂ පතිරණගේ ක්‍රියාව

එම තරගයෙන් මතීෂ නියෝජනය කරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ලකුණු 63ක දැවැන්ත ජයක් හිමි වුව ද, තරගයේ වඩාත් අවධානය යොමු වූයේ, මතීෂ පතිරණගේ ක්‍රියාවක් දෙස ය.

එම තරගයේ පන්දු යැවීමට පෙර මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කඩුලු රකින්නා වන මහේන්ද්‍ර සිං දෝනි අසලට ගොස් බිමට නැමී අතින් යමක් සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල පුළුල් ලෙස සංසරණය වන්නට විය.

අවසන් තත්පර කිහිපයේදී තවත් කැමරාවකට එම දර්ශනය අවහිර වීම හේතුවෙන් ඔහු සැබවින් ම කරන්නේ කුමක් ද? යන්න පැහැදිලිව නොපෙනේ.

බැලූ බැල්මට එම දර්ශනයෙන් පෙනී යන්නේ, මතීෂ පතිරණ, මහේන්ද්‍ර සිං දෝනිගේ පාදය ස්පර්ශ කර ආශීර්වාද ලබා ගන්නා ආකාරයකි.

ඒ අනුව, තමන්ට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් සැලසූ 'මහේන්ද්‍ර සිං දෝනිගෙන් පන්දු යැවීමට පෙර මතීෂ පතිරණ ආශීර්වාද ලබා ගත් අයුරු' යන ශීර්ෂ පාඨය සහිතව එම වීඩියෝව සමාජ මාධ්‍ය හරහා සංසරණය වන්නට විය.

ඉන්දීය සමාජ මාධ්‍ය භාවිත කරන්නන් බොහෝ දෙනෙකු මෙය අගය කරමින් අදහස් පළ කර තිබිණි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 1

ඇත්තට ම මොකද වුණේ?

කෙසේ වෙතත්, මෙම වීඩියෝව පිළිබඳව දැඩි අවධානයක් යොමු වීමත් සමග ඉන්දියාවේ ප්‍රධාන පෙළේ පුවත් ආයතන වීඩියෝවෙහි දැක්වෙන දර්ශනයෙහි සැබෑ තත්ත්වය විමසීමට පියවර ගෙන තිබිණි.

ඉන්දියාවේ ප්‍රධාන පෙළේ පුවත් සපයන්නෙකු වන Zee News ආයතනය මේ සම්බන්ධයෙන් සත්‍යාපනයක් (fact check) සිදු කර තිබිණි.

ඔවුන් එම වීඩියෝව පරීක්ෂා කිරීමෙන් පසු අනාවරණය කළේ, මතීෂ පතිරණ, දෝනිගේ පාදය අසල තිබූ පන්දු යවන්නන් සිය දුර සලකුණු කිරීමට භාවිත කරන මාර්කර් එක අහුලා ගැනීමට බිමට නැමී ඇති බව ය.

මීට අමතරව, තවත් පුවත් සපයන ආයතන කිහිපයක් ම ඉහත කී කරුණුම අනාවරණය කර තිබිණි.

මේ අතර, එම වීඩියෝවේ මන්ද චලන (slow motion) දර්ශන මගින් ද සිදුවූ සැබෑ දේ යම් තරමකට පැහැදිලි කර ගත හැකි විය.

ඉන්දියාවෙන් ලැබෙන ආදරය

මතීෂ පතිරණ ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ගේ ආදරයට පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන කුඩා දරුවන්ගේ ගෞරවයට ද පාත්‍ර වී ඇති බව මෑතකදී පළ වී ඇති වීඩියෝ සහ ඡායාරූපවලින් පෙනී යයි.

මතීෂ පතිරණ ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ගේ ආදරයට පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන කුඩා දරුවන්ගේ ගෞරවයට ද පාත්‍ර වී ඇති බව මෑතකදී පළ වී ඇති වීඩියෝ සහ ඡායාරූපවලින් පෙනී යයි.

ඡායාරූප මූලාශ්‍රය, Chennai Super Kings

මතීෂ පතිරණ ගැන තොරතුරු බිඳක්

2002 වර්ෂයේ දෙසැම්බර් මස 18 වන දා මහනුවරදී උපත ලැබූ මතීෂ පතිරණ සිය මූලික අධ්‍යාපනය හදාරා ඇත්තේ, ගන්නොරුව, රණබිම රාජකීය විද්‍යාලයෙනි. එහිදී ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව එල්ලේ ක්‍රීඩාවේ ද නිරත වූ ඔහු පසුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත්ව තිබේ.

දකුණත් වේග පන්දු යවන්නෙකු වන මතිෂ පතිරණ, 2020 සහ 2022 යන වසර වලදී අවුරුදු 19න් පහළ අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා පිල නියෝජනය කිරීමට සමත් විය.

2022 වර්ෂයේදී ඇෆ්ගනිස්ථානය සමග පැවති 20/20 තරග සංචාරය සඳහා නම් කෙරුණු ශ්‍රී ලංකා කණ්ඩායමට මතීෂ පතිරණ ඇතුළත් කෙරුණු අතර එහිදී ඔහුට සිය මව්බිම නියෝජනය කරමින් පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවිය.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 2

IPL තරගාවලියේ පළමු පන්දුවෙන් ම මතීෂ තැබූ වාර්තාව

2022 වර්ෂයේදී මතීෂ පතිරණට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව උදාවූයේ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායාමේ ක්‍රීඩක ඇඩම් මිල්නේ ආබාධයකට ලක්වීම හේතුවෙනි.

ඇඩම් මිල්නේ වෙනුවට චෙන්නායි සුපර් කිංග්ස් පිල නියෝජනය කිරීමට අවස්ථාව උදාවන මතීෂ පතිරණ තමන් ක්‍රීඩා කළ පළමු තරගයේදී යවන ලද පළමු පන්දුවෙන් ම කඩුල්ලක් දවා ගැනීමට සමත්වීම විශේෂත්වයකි.

එලෙස වාර්තා පොත් අතරට එක්වූ නව වන පන්දු යවන්නා ලෙස මතීෂගේ නම වාර්තා අතරට එක්වූයේ, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ෂුබ්මන් ගිල්ගේ කඩුල්ල දවා ගැනීමත් සමග ය.