ප්‍රබල රටවල් අභිබවා මලල ක්‍රීඩා වාර්තා පොත අලුත් කළ ශ්‍රී ලංකාව

25 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය තායිලන්තයේ බැංකොක් නුවර දී අවසන් වුයේ ශ්‍රී ලංකාව පළමුවරට පදක්කම් සටහනේ 04 වැනි ස්ථානය හිමිකර ගනිමින්ය.

ඡායාරූප මූලාශ්‍රය, T.K.G Kapila

25 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය තායිලන්තයේ බැංකොක් නුවර දී අවසන් වුයේ ශ්‍රී ලංකාව පළමුවරට පදක්කම් සටහනේ 04 වැනි ස්ථානය හිමිකර ගනිමින්ය.

ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටියේ ජපානය, චීනය සහ ඉන්දියාව පමණි.

බිලියන 4.75 කට අධික ජනගහණයකින් යුත් සමස්ත ආසියාව නියෝජනය කරමින් ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය සඳහා රටවල් 42ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊට සහභාගී විය.

මෙවර තරගාවලිය සඳහා තරග ඉසව් 45ක් ඇතුලත් වූ අතර ඊට මැරතන් ඉසව්ව ඇතුලත් නොවීය.

තරගාවලිය සඳහා ජපානය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, සිංගප්පුරුව, කටාර් රාජ්‍ය, පාකිස්ථානය, දකුණු කොරියාව, තායිලන්තය වැනි ආසියාවේ ප්‍රබල රටවල් විසින් සිය කණ්ඩායම් සහභාගි කරවා තිබුණි.

මිලියන 22ක ජනගහණයකින් යුත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු ගෙන් යුත් කුඩා කණ්ඩායමක් සහභාගි විය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු ගෙන් යුත් කුඩා කණ්ඩායමක් සහභාගි විය.

ඡායාරූප මූලාශ්‍රය, T.K.G Kapila

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් සහභාගි විය.

ඉතිහාසය අලුත් කළ ශ්‍රී ලංකාව...

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව පදක්කම් 08ක් ද සහිතව පදකම් සටහනේ සිව්වැනි ස්ථානයේ හිමිකර ගනු ලැබුවේ ඉතිහාසයේ පළමු වතාවට ය.

ආසියානු මලල ක්‍රීඩා තරගාවලියක දි මීට පෙර පදක්කම් සටහනේ ශ්‍රී ලංකාව ළඟා වූ උපරිම දක්ෂතාවය වාර්තා කළේ 1998 වසරේ දීයි.

ඒ, පදක්කම් සටහනේ 05 වැනි ස්ථානයට පත් වෙමින්ය.

එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් විය.

තරගාවලියේ දී මීටර් 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කම ජයග්‍රහණය කරමින් නව ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාව තැබූ තරුෂි කරුණාරත්න එම ඉසව්ව සඳහා තරග වැදුනේ සිය පාදයේ ඇතිවූ ආබාධයක් ද සමගින් බව ඇය බීබීසී සිංහල සේවයට පැවසුවා ය.

ඡායාරූප මූලාශ්‍රය, T.K.G Kapila

ඡායාරූප ශීර්ෂ වැකිය, තරගාවලියේ දී මීටර් 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කම ජයග්‍රහණය කරමින් නව ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාව තැබූ තරුෂි කරුණාරත්න එම ඉසව්ව සඳහා තරග වැදුනේ සිය පාදයේ ඇතිවූ ආබාධයක් ද සමගින් බව ඇය බීබීසී සිංහල සේවයට පැවසුවා ය.

ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ පදක්කම් මොනවාද ?

ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනා ගැනීමට සමත් විය.

මීටර් 800 කාන්තා, මීටර් 400 කාන්තා සහ සහාය දිවීම මීටර් 400×4 (පිරිමි) යන ධාවන ඉසව්වලදී ශ්‍රී ලංකාව රන් පදක්කම් ජයග්‍රහණය කරනු ලැබුවේ කලාපීය බලවතුන් අභිබවමින්ය.

එමෙන්ම සහාය දිවීම මීටර් 400 x 4 (මිශ්‍ර) සහ කාන්තා සහාය දිවීම මීටර් 400 x 4 ධාවන ඉසව්වලදී රිදී පදක්කම් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

හෙල්ල විසි කිරීම කාන්තා, මීටර් 1500 සහ මීටර් 800 කාන්තා තරග වලින් ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කිරීමට සමත් විය.

වසර 23 කට පසු ශ්‍රී ලංකාව ලද රන් පදක්කම

ශ්‍රී ලංකාව අවසන් වරට කාන්තා මීටර් 400 තරග ඉසව්වෙන් රන් පදක්කමක් ජයග්‍රහණය කලේ 2000 වසරේ දීයි. ඒ දමයන්ති දර්ශා විසින් ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වෙමින්ය.

ඉන් 23 වසරකට පසුව මෙවර පැවති ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ මිටර් 400

කාන්තා තරග ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවේ නදීෂා රාමනායක සමත් විය.

එහිදී ඇය තරගය නිම කළේ තත්ත්පර 52:61 කින් ය.

පාදයේ ආබාධය මැද ශ්‍රී ලංකාව රනින් සැරසු තරුෂි

මෙවර ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කම ජයග්‍රහණය කරමින් නව ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාව තැබූ තරුෂි කරුණාරත්න එම ඉසව්ව සඳහා තරග වැදුනේ සිය පාදයේ ඇතිවූ ආබාධයක් ද සමගින් බව ඇය බීබීසී සිංහල සේවයට පැවසුවා ය.

" තායිලන්තයේ දී තරගයට කලින් ට්‍රේනින් කරද්දී කකුල පොඩ්ඩක් තද වෙලා වගේ ආබාධයක් ඇති වුණා."

"ඒ වෙලාවේදී ජපානයේ ඉදන් ඇවිත් හිටපු ෆිසියෝ තමයි ගොඩක් උදව් කළේ. ඒයා කකුල නීඩ්ල් කර කර තමා අයිස් බාත් කරලා ඒ නිසා තමයි දුවන්න පුළුවන් වුනේ."

"මේක මගේ පළවෙනි ඕපන් ඉන්ටර්නැෂනල් මීට් එක. ඒකෙ පළවෙනි තරගයෙන්ම රෙකෝඩ් එකකට යන්න ලැබීම ගැන සතුටුයි."

"ඒ වගේම හොඳ රේස් එකක් තිබ්බා. ඒ නිසා තමයි හොඳ ටයිමින් එකකට ආවේ. ගොඩක් සතුටුයි."

"මගේ ළඟම බලාපොරොත්තුව ලෝක මලල ක්‍රීඩා උළෙලට සිලෙක්ට් වෙන එක. ඊට පස්සේ ඒෂියන් ගේම්ස් වලින් මෙඩ්ල් එකක් ගන්න එක තමයි මගේ බලාපොරොත්තුව." තරුෂි පැවසුවාය.

තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අලුත් කළ වාර්තා මොනවා ද ?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

25 වන ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආසියානු තරග වාර්තා දෙකක් පිහිටුවීමට සමත් ව තිබේ.

ඒ,මීටර් 800 කාන්තා තරග ඉසව්වෙන් සහ මීටර් 400 සහාය දිවීමේ තරගයෙන්ය.

මීටර් 800 කාන්තා ධාවන තරග ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කළ තරුෂි කරුණාරත්න විසින් මිනිත්තු 2:00:66 කින් තරගය අවසන් කළේ, ශ්‍රී ලංකා මෙන්ම ආසියානු තරග වාර්තාව ද අලුත් කරමින්ය.

එමෙන්ම මීටර් 400 x 4 පිරිමි සහය දිවීමේ තරගයේදී කාලිංග කුමාර, අරුණ දර්ශන, රාජිත කරුණාරත්න සහ පබසර නිකූ විසින් නව ආසියානු වාර්තාවක් සහ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරනු ලැබුවේ එම ඉසව්ව මිනිත්තු 03:01:56 කින් නිම කරමින්ය

මේ අතර මීටර් 400 x 4 කාන්තා සහය දිවීමේ තරගයේ දී නදීෂා රාමනායක, තරුෂි කරුණාරත්න, නිශේන්ද්‍රා ප්‍රනාන්දු සහ සයුරි මෙන්ඩිස් විසින් මිනිත්තු 03:33:27 ක කාලයක් වාර්තා කරමින් නව ශ්‍රි ලංකා වාර්තාවක් තැබීමට සමත් විය.

මිටර් 400 x 4 මිශ්‍ර සහය දිවීමේ තරගය නියෝජනය කළ අරුණ දර්ශන, තරුෂි කරුණාරත්න, නදීෂා රාමනායක සහ කාලිංග කුමාර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම ඉසව්ව මිනිත්තු 3:15:41 කින් අවසන් කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබීමට සමත් විය.

කාන්තා හෙල්ල වීසි කිරීමේ ඉසව්වෙන් මිටර් 60.93 ක දස්කමක් වාර්තා කළ නදීෂා ලේකම්ගේ නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබීමට සමත් විය.

මීටර් 1500 සහ මීටර් 800 කාන්තා ධාවන තරග ඉසව් වලින් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක් දිනා දීමට ගයන්තිකා අබේරත්න සමත් වුවාය.

‘පදක්කමක් දිනනවා කියන බලාපොරොත්තුවෙන් තරග වැදුණා’

ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 x 4 පිරිමි සහාය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවෙන් යුතුව තරග වැදුණු බව එම තරග ඉසව්වෙන් රන් පදක්කම දිනා ගනු ලැබූ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ කාලිංග කුමාර බීබීසී සිංහල සේවයට පැවසුවේය.

" අපිට ගොඩක් සතුටුයි. ඒෂියන් චැම්පියන්ෂිප් එකේ රිලේ එකෙන් කොහොම හරි මෙඩ්ල් එකක් දිනා ගන්නවා කියන බලාපොරොත්තුව අපිට තිබුණා. මේක අපි සිව්දෙනාගේම මහන්සියෙන් ලබපු ජයග්‍රහණයක්."

"ඒෂියන් චැම්පියන්ෂිප් රෙකෝඩ් එකක් වගේම ශ්‍රී ලංකාවේ රෙකෝඩ් එකත් තියන්න ලැබුණ නිසා තවත් සතුටුයි අපිට."

"මේ තරගාවලියෙන් පස්සේ අපිව ලෝක මලල ක්‍රීඩා තරගාවලියට සිලෙක්ට් වුණා මීටර් 400 x 4 ඉසව්වට. ඊට පස්සේ එනවා ආසියානු තරගාවලිය. ඒ තරගාවලි දෙක තමයි අපේ ඉලක්කය ඉදිරියේ දී තියෙන." කාලිංග කුමාර පැවසුවේය.