ඊශ්‍රායල සොල්දාදුවන් විසින් යට ඇඳුම තෙක් නිරුවත් කරන ලද ගාසා තීරයේ රඳවා සිටින පලස්තීනුවන්ගේ වීඩියෝවක් නිකුත් වේ.

වීඩියෝ ශීර්ෂ වැකිය, යට ඇඳුම තෙක් නිරුවත් කරන ලද ගාසා තීරයේ රඳවා සිටින පලස්තීනුවන්ගේ වීඩියෝවක්
ඊශ්‍රායල සොල්දාදුවන් විසින් යට ඇඳුම තෙක් නිරුවත් කරන ලද ගාසා තීරයේ රඳවා සිටින පලස්තීනුවන්ගේ වීඩියෝවක් නිකුත් වේ.

අවවාදයයි : කම්පනයට පත්විය හැකි දර්ශන අඩංගුය

ඊශ්‍රායල සොල්දාදුවන් විසින් ගාසා තීරයේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින පලස්තීනුවන්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍යට නිකුත් වී තිබේ. බිම දණින් වැටී ඊශ්‍රායල සොල්දාදුවන්ගේ දැඩි රැකවල් මැදසිටින එම පලස්තීනුවන්ගේ යට ඇඳුම් දක්වා ඊශ්‍රායල හමුදා විසින් නිරුවත් කොට ඇති අතර බීබීසීය විසින් එම දර්ශන උතුරු ගාසාවේ බීට් ලහියා හී රූගත කරන ලද බව තහවුරු කරගෙන ඇත.

ඊශ්‍රායලයේ ගාසා තීරයට බෝම්බ හෙලීම අඛණ්ඩව සිදුවෙමින් තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය වහාම සටන් විරාමයක් ඉල්ලා සිටින අතර එහි ආධාර වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක නොවන බවට අනතුරු අඟවයි.