චන්ද්‍රිකා ඡායාරූපවලින් හෙළි වන ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මර්මස්ථානවලට සිදුව ඇති හානි

Satellite image showing damage to Natanz nuclear site

ඡායාරූප මූලාශ්‍රය, Maxar / BBC

    • Author, පෝල් බ්‍රව්න් සහ ශයාන් සර්දාරිසඩේහ්
    • Role, BBC Verify
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මර්මස්ථාන දෙකකට සහ අනෙකුත් හමුදා ඉලක්කවලට සිදුව ඇති හානිය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් BBC Verify වෙත ලැබුණු චන්ද්‍රිකා ඡායාරූප මගින් දැක ගත හැකි ය.

ඡායාරූප ලබා දුන් දෙදෙනෙකුගේ ඡායාරූපවලින් පෙන්නුම් කරන්නේ, නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානයට මෙන් ම ටැබ්‍රිස් නගරයට දකුණින් පිහිටි මිසයිල මර්මස්ථානයකට ද හානි සිදුවී ඇති බව ය. සිකුරාදා ඉරානයට එරෙහිව එල්ල වූ පළමු වටයේ ප්‍රහාරවලදී එය විනාශ විය.

සෙසු ඡායාරූපවලින් පෙනී යන්නේ, වෙනත් හඳුනාගත් මිසයිල් මර්මස්ථානවලට හානි සිදුව ඇති ආකාරය යි.

ඊශ්‍රායලය ඉරානය පුරා බොහෝ ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම අඛණ්ඩව සිදු කරන අතර, එය පළිගැනීමේ ප්‍රහාරවලට හේතු වී තිබේ.

න්‍යෂ්ටික මර්මස්ථාන

Maxar වෙතින් නිකුත් කරන ලද නවතම දෘශ්‍ය චන්ද්‍රිකා ඡායාරූප මගින්, නටාන්ස් සහ ඉස්ෆහාන්හි ප්‍රධාන ඉරාන න්‍යෂ්ටික මර්මර්ථානවල සිදුව ඇතැයි කී දේ පිළිබඳ වඩාත් පැහැදිලි චිත්‍රයක් පෙන්වයි.

අභ්‍යවකාශ හා ජාත්‍යන්තර ආරක්ෂක ආයතනයේ (ISIS) විශ්ලේෂණයට අනුව, නටාන්ස්හි යුරේනියම් නිෂ්පාදන මධ්‍යස්ථානයට සහ විදුලි උපපොළකට සිදුව ඇති හානි අපට දැකගත හැකි ය.

Natanz

මෙය මුලින් ම හානිය පෙන්නුම් කළ රේඩාර් ඡායාරූප විශ්ලේෂණයෙන් පසුව ලැබුණු එකකි.

සිකුරාදා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානී රෆායල් ග්‍රෝසි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පැවසුවේ, "ඉරානය U-235 60% දක්වා පොහොසත් යුරේනියම් නිෂ්පාදනය කළ යුරේනියම් නිෂ්පාදන බලාගාරයේ කොටසක් විනාශ වී ඇති" බව ය.

යුරේනියම්-235 යනු න්‍යෂ්ටික බලාගාර සහ න්‍යෂ්ටික අවි සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි.

ප්‍රහාරවලින් මඳ වේලාවකට පසු ගන්නා ලද සත්‍යාපනය කරන ලද දර්ශනවල, එම ස්ථානයෙන් දුම් වළලු කිහිපයක් නැගී එන ආකාරය පෙන්නුම් කෙරේ.

රෝයල් යුනයිටඩ් සර්විසස් ආයතනයේ (RUSI) ජස්ටින් බ්‍රොන්ක් BBC Verify වෙත පැවසුවේ, අවිනිශ්චිත වුවත්, පිපිරුම් රටාව "බොහෝ විට GBU-31(V)3 හෝ සමහර විට වඩාත් විශේෂිත BBC Verify GBU-28 යන බෝම්බවලට සමාන" බව ය.

Image posted on social media shows a car driving along a road with smoke rising in the distance ahead of it

ඡායාරූප මූලාශ්‍රය, Telegram

ඡායාරූප ශීර්ෂ වැකිය, සමාජ මාධ්‍යවල පළ කර තිබූ වීඩියෝවක දැක්වෙන්නේ, න්‍යෂ්ටික බලාගාරයකින් දුම් පිටවන ආකාරය යි.

"බන්කර් බස්ටර්" ලෙස හඳුන්වන මෙම අවිආයුධ, ඊශ්‍රායලය විසින් අතීතයේදී ගාසා තීරයේ සහ ලෙබනනයේ භූගත මර්මස්ථාන ඉලක්ක කර ගැනීමට භාවිත කර ඇත.

කෙසේ වෙතත්, "යුරේනියම් බලාගාරයේ සහ ප්‍රධාන බලගැන්වීමේ බලාගාරයේ කොටසක් අඩංගු භූගත ශාලාවට ප්‍රහාරයක් එල්ල වූ බවට කිසිදු සලකුණක් නොමැති," බව ග්‍රොසි පැවසීය.

සෙනසුරාදා, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය තහවුරු කළේ, ඉස්ෆහාන්හි යුරේනියම් පරිවර්තන මධ්‍යස්ථානය සහ යුරේනියම් තහඩු නිෂ්පාදන කම්හල ඇතුළුව "තීරණාත්මක ගොඩනැගිලි" හතරකට හානි සිදුවී ඇති බව ය.

Maxar වෙතින් ලබා ගත් නවතම ඡායාරූපවල BBC Verify විශ්ලේෂණයෙන්, ඉස්ෆහාන්හි අවම වශයෙන් ගොඩනැගිලි දෙකකට දෘශ්‍යමාන හානියක් සහ අඩවියේ පරිධිය අසල පැහැදිලි පිළිස්සුම් සලකුණක් දක්නට ලැබිණි.

Isfahan

නටාන්ස් හෝ ඉස්ෆහාන්හි "බලාගාරවලින් පිටත විකිරණවල වැඩිවීමක්" වාර්තා වී නොමැති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පවසා තිබේ.

Maxar විසින් ඉරානයේ තවත් ප්‍රධාන න්‍යෂ්ටික මර්මස්ථාන දෙකක ඡායාරූප ද සපයන ලද අතර ඒවායින් විශේෂයෙන් අරැක්හි බැර ජල ප්‍රතික්‍රියාකාරකය හෝ ෆොර්දෝහි යුරේනියම් බලගැන්වීමේ මධ්‍යස්ථානයට සිදුව ඇති හානියක් පිළිබඳ දෘශ්‍යමාන සාක්ෂි නොපෙනේ.

ෆොර්දෝහි යුරේනියම් බලගැන්වීමේ මධ්‍යස්ථානය ඉලක්ක කළ බව ඉරාන මාධ්‍ය වාර්තා කළ ද, ඊශ්‍රායල් ආරක්ෂක බළකාය එය ප්‍රතික්ෂේප කර තිබේ.

මිසයිල/රේඩාර් මධ්‍යස්ථාන

වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් නගරය අසල මිසයිල සංකීර්ණයක කොටස් කිහිපයකට හානි සිදුවී ඇති බව Umbra Space නමැති ආයතනය විසින් සිකුරාදා ලබා ගන්නා ලද ඡායාරූප සහ විශ්ලේෂණවලින් හෙළි වේ.

භූ අවකාශ බුද්ධි උපදේශක ක්‍රිස් බිගර්ස් විසින් විශ්ලේෂණය කරන ලද Umbra Space විසින් සපයන ලද විවරණය කරන ලද ග්‍රැෆික් සිතුවමකට අනුව, හානියට පත් ස්ථාන අතර ආයුධ ගබඩා, මිසයිල ආවරණ සහ ධාන්‍ය ගබඩා ඇතුළත් වේ.

Umbra image showing areas Israel has carried out strikes at Tabriz missile complex

ඡායාරූප මූලාශ්‍රය, Chris Biggers/Umbra Space

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායලය ටැබ්‍රිස් මිසයිල සංකීර්ණයට ප්‍රහාර එල්ල කළ ප්‍රදේශ පෙන්වන Umbra ඡායාරූපයක්.

කෙර්මන්ෂාහි, Planet Labs වෙතින් ලබාගත් ඡායාරූපවලින්, මිසයිල මධ්‍යස්ථානයක් අසල ප්‍රදේශයක පුළුල් පිළිස්සුම් සලකුණු සහ ගොඩනැගිලි දෙකකට සිදුවී ඇති හානිය පෙන්නුම් කරයි.

සිකුරාදා එම ස්ථානයේ ම අප සත්‍යාපනය කළ දර්ශනවල, පාදමේ සිට අවම වශයෙන් විශාල දුම් වළලු තුනක්වත් නැඟී එන ආකාරය දක්නට ලැබිණි.

Ker

ටෙහෙරාන් අසල ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ගාඩිර් බැලස්ටික් මිසයිල කඳවුරේ එක් ගොඩනැගිල්ලකට සැලකිය යුතු හානි සහ බටහිර අසර්බයිජාන් පළාතේ පිරන්ෂහර්හි IRGC රේඩාර් මධ්‍යස්ථානයට සැලකිය යුතු හානි පෙන්වන ඡායාරූප ද Maxar විසින් සපයන ලදී.