ඇෆ්ඝනිස්ථාන භූමි කම්පාවෙන් 800කට අධික පිරිසක් මරුට: 'සෑම මිනිත්තු 5කට වරක් තුවාල ලැබූවෙක් රෝහලට'

ඇෆ්ඝනිස්ථානයේ වැසියන් පිරිසක් භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත්වූවෙකුගේ මළ සිරුරක් ගිලන් රථයකට ඇතුළු කරමින්.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඇෆ්ඝනිස්ථානයට බලපෑ භූමි කම්පාවෙන් පුද්ගලයින් සිය ගණනක් මිය ගොස් ඇති බවට වාර්තා පළවෙමින් තිබේ. තුවාල ලැබූ සංඛ්‍යාව 300කට අධික ය.

එම භූමි කම්පාවෙන් පීඩාවට පත් කලාපය ඉකුත් සති අන්තයේ ඇති වූ හදිසි ගංවතුරෙන් ද දැඩි බලපෑමට ලක්ව තිබිණි.

භූමිකම්පාවෙන් පුද්ගලයින් 600 කට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි තලේබාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව, ඉරිදා එරට වේලාවෙන් රාත්‍රී 11:47ට කිලෝමීටර 8ක් (සැතපුම් 5 ක්) ගැඹුරකින් මෙම භූමිකම්පාව ඇති වී තිබිණි. අනතුරුව, අවම වශයෙන් පසු කම්පන තුනක්වත් සිදුවී ඇති අතර ඒවා මැග්නිටියුඩ් 4.5 සහ 5.2 දක්වා පරාසයක පවතී.

එක් රැස්ව සිටින ඇෆ්ඝනිස්ථාන වැසියන් පිරිසක්. දෙදෙනෙකු අත ගිලන් ඇඳක් වේ.

ඡායාරූප මූලාශ්‍රය, HEALTH MINISTRY

මැග්නිටියුඩ් 6.0ක මෙම භූචලනය සිදුව තිබුණේ, නැගෙනහිර ඇෆ්ඝනිස්ථානයේ පකිස්ථාන දේශසීමාව ආසන්න ප්‍රදේශයක ය.

ජීවිත හානි සංඛ්‍යාව ඉහළ යා හැකි බවට නිලධාරීන් අනතුරු අඟවා ඇත - භූ චලනය සිදුවූ ප්‍රදේශයේ දුරස්ථභාවය නිසා හානි තක්සේරු කිරීම අපහසු වී තිබේ.

බලපෑමට ලක් වූ ප්‍රදේශයේ ජංගම දුරකතන සංඥා ආවරණය සීමිත බැවින්, හානි පිළිබඳ නිශ්චිත තොරතුරු ලබා ගැනීම දුෂ්කර වී ඇතැයි, එරට බලධාරීන් සඳහන් කළේ ය.

මූලික තොරතුරුවලට අනුව, ලග්මන් සහ නන්ගහාර් පළාත්වල පුද්ගලයින් 330 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ලග්මන් හි පුද්ගලයින් අසූවක් සහ නන්ගහාර් හි 250 ක් තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කුනාර් පළාතේ තුවාල ලැබූවන් සංඛ්‍යාව ඊටත් වඩා ඉහළ අගයක් ගන්නා අතර එම ප්‍රදේශයට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

බලපෑමට ලක් වූ ප්‍රදේශයේ ජංගම දුරකතන සංඥා ආවරණය සීමිත බැවින්, හානි පිළිබඳ නිශ්චිත තොරතුරු ලබා ගැනීම දුෂ්කර වී ඇතැයි, එරට බලධාරීන් සඳහන් කළේ ය.

මේ අතර, භූ කම්පනයෙන් තුවාල ලැබූ ඇෆ්ඝන් කාන්තාවන්ට ප්‍රතිකාර කිරීමේදී පිරිමින්ට වඩා ප්‍රමාද විය හැකි බවට බියක් පළවෙමින් තිබේ.

රෝහල්වල සිටින කාන්තාවන්ගේ හෝ දරුවන්ගේ ඡායාරූප අපට දක්නට නොලැබුණ ද, ඔවුහු නිසැකව ම බලපෑමට ලක්වූවන් අතර වෙති.

ජලලාබාද්හි ප්‍රධාන රෝහලට ගිය ප්‍රාදේශීය නිදහස් වාර්තාකරුවෙකු, හෙලිකොප්ටරයකින් ගෙන එන ලද කාන්තාවන් පිරිසක් එහි සිටින බව තහවුරු කළේ ය. නමුත් දැනට රෝහලේ කාන්තාවන්ට වඩා පිරිමින් බොහෝ සෙයින් සිටින බව වාර්තාකරු පවසයි.

කුනාර් යනු ඉතා ගතානුගතික පිරිස් වාසය කරන ප්‍රදේශයක් බැවින්, සංස්කෘතික හේතු මත කාන්තාවන්ට පසුව ප්‍රතිකාර ලබා ගැනීමට සිදු විය හැකි ය. සමහර කාන්තාවන් තම පවුලේ අය රෝහලට ගෙන යන තෙක් රැඳී සිටීමට හෝ හිරු එළිය වැටෙන තුරු බලා සිටීමට තෝරාගෙන ඇති බවට බියක් පවතී.

2022 වසරේදී පක්ටිකා පළාතේ ඇති වූ ප්‍රබල භූමි කම්පාවෙන් දින දෙකකට පසු තුවාල ලැබූ කාන්තාවන්ගෙන් රෝහල් පිරී ගියේ ය.

භූමි කම්පාව සිදුවූ ප්‍රදේශවල කාන්තාවන් මුදා ගැනීමට පිරිස් නොමැති බව ද සලකා බැලීම වැදගත් කරුණකි.

වීඩියෝව නරඹන්න
වීඩියෝ ශීර්ෂ වැකිය, ඇෆ්ගනිස්ථාන භූමිකම්පාවෙන් තුවාල ලැබූවන් ගුවන් මගින් නන්ගහාර් ගුවන් තොටුපළට රැගෙන යන අයුරු