ලොව විශාලතම අබිං නිෂ්පාදකයා පිටුපස සිට දුක්විඳින ගොවීන්
ලොව විශාලතම අබිං නිෂ්පාදකයා පිටුපස සිට දුක්විඳින ගොවීන්
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය වන UNODCහි නවතම වාර්තාවට අනුව, මේ වසරේ පළමු වරට මියන්මාරය ලොව විශාලතම ඕපියම් (අබිං) නිෂ්පාදකයාබවට පත්ව ඇත.
මේ වසරේ දී එරට අබිං නිෂ්පාදනය ටොන් 1080 දක්වා වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. මෙය මින් පෙර ලෝක 'අබිං බලවතා' වූ ඇෆ්ගනිස්ථානය නිෂ්පාදනය කළ අබිං ප්‍රමාණයට වඩා තෙගුණයකින් ඉහළ ය.
නමුත් අබිං සඳහා පොපි වගාකරන ගොවීන් ඉතාම දුප්පත් අතර, ඔවුනට වෙනත් විකල්පයන් ද නැති තරම් ය.
මියන්මාරයේ පොපි වගා කරන වැදගත්ම ප්‍රදේශයන්ගෙන් එකක් වන උතුරුදිග ෂාන් ප්‍රාන්තයට පිවිසීමට බීබීසීයට විශේෂ අවසරයක් හිමිවිය.







