ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මේ පොත හදන්න වර්ග කිලෝමීටර් 2.5ක් තරමේ ටොෆි, චොක්ලට් කොළ ඕනා'
ප්‍රතිචක්‍රීකරණය (Recycling) ගැන අවදානය යොමුව තිබුණ ද ඒවාට අගය එකතු කර නව නිෂ්පාදනයක් (Upcycling) කිරීම ගැන වැඩි අවධානයක් ශ්‍රී ලංකාවේ යොමුව නැති බව නේෂා රත්නායක පවසන්නීය.
කටාන, බටහිර කළුවාරිප්පුව ප්‍රදේශයේ ජීවත්වෙන ඇය සිය පියා සමග එක්ව එවැනි පරිසර හිතකාමී ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලැබේ.
''අප්සයිකල් වලදී රීසයිකල් වලට වඩා කලාත්මක, කාලයක් පවතින නිර්මාණයක් අපිට කරන්න පුළුවන්. ඒ වගේම විශාල සමාජයේ ආකල්ප වෙනසක් ඇති කරන්න පුළුවන්'' යනුවෙන් ඇය BBC සිංහල සේවයට පැවසුවාය.
පාසල් සිසුන්, සරසවි සිසුන් සහ පරිසරය කෙරෙහි උනන්දුවක් දක්වන පිරිස් දැනටමත් ඉවතලන දේ ඔවුන්ට බාර දෙති.
''මේ තියෙන්නේ ලෙඩෙක් එයාගේ බෙහෙත් වල ඉතුරු කවර ටික අපිට එවලා. මහපොළවට බරක් නැති මේ වගේ මිනිස්සුන්ගේ හදවත් කොයිතරම් සුන්දර ද? මේ ආකල්ප වෙනසයි අපි හදන්න ඕනා. මේ පොත හදන්න වර්ග කිලෝමීටර් 2.5ක් තරමේ ටොෆි, චොක්ලට් කොළ එකතු කරලා දාන්න ඕනා.'' යනුවෙන් ආර්. එම් ජයන්ත කුමාරසිරි BBC සිංහල සේවයට කියා සිටියේය.