ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පර්යේෂණවලට අත්වූ ඉරණම ගැන නැනෝ යුරියා ලොවට හඳුන්වා දුන් පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධාන මහාචාර්යවරිය බීබීසීයට කතා කරයි
ශ්‍රී ලංකාවෙන් නැනෝ යුරියා නිෂ්පාදනයට අදාළ තාක්ෂණය මීට වසර 11කට පමණ පෙර ලොවට හඳුන්වා දෙන ලදී.
ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් නැනෝ යුරියා වාණිජ වශයෙන් නිෂ්පාදනය කිරීම තවමත් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට හැකියාවක් ලැබී නැත.
එහෙත් මේ සොයා ගැනීමේ අනාගත වටිනාකම කල්තියා දුටු ඉන්දීය පොහොර සමාගමක් මෙම පර්යේෂණවලට අදාළ තාක්ෂණය ශ්‍රී ලංකා රජය හරහා මිලදී ගෙන තිබුණි. අද වනවිට ඉන්දියාවෙන් නැනෝ යුරියා ආනයනයට ශ්‍රී ලංකා රජයට සිදුව තිබේ.
ඉහළ කාර්යක්ෂමතාවයක් සහිත, ආර්ථික වශයෙන් වඩාත් ලාභදායි, පරිසරහිතකාමී ශ්‍රී ලංකාවේ නැනෝ පොහොර නිෂ්පාදනයට තවමත් ක්‍රියාකාරී සැළැස්මක් නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, රසායන විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී, මහාචාර්ය නිල්වලා කොට්ටෙගොඩ බීබීසීය සමග කළ සංවාදයකදී පැවසුවාය.