ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බඩු මිල වැඩි වීම ගැන ජනතාවගේ කනස්සල්ල
බඩු මිල වැඩිවීම කිසිසේත් දරාගත නොහැකි බව බොහෝ දෙනෙකු බීබීසී සිංහල සේවයට පැවසුහ.
ඔවුන් පෙන්වා දෙන්නේ ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යෑම නිසා ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උදා වීම ගැන රජය වහා අවධානය යොමු කළ යුතු බවයි.
මේ අතර ඉන්ධන මිල වැඩි වීමේ අවදානමක් ගැන ද මේ දිනවල අසන්නට ලැබේ.
මෙම ගැටලුව ගැන අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පවසන්නේ රජයට හැකි පළමු අවස්ථාවේ බඩු මිල අඩු කිරීමට කටයුතු කරන බවයි.