ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පරිසරය : මුහුණු ආවරණ හරහා මසකට ප්ලාස්ටික් ටොන් කීයක් ශ්‍රී ලංකාවේ පරිසරයට එකතු වෙනවා ද?
මුහුණු ආවරණ අවිධිමත් ලෙස බැහැර කිරීම නිසා මසකට ශ්‍රී ලංකාවේ පරිසරයට ප්ලාස්ටික් ටොන් 148 - 740ත් අතර ප්‍රමාණයක් එකතු වන බවට පර්යේෂකයන් ඇස්තමේන්තු කර ඇතැයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ, පාරිසර අධ්‍යයනය සහ තිරසාර සංවර්ධන මධ්‍යස්ථානයේ ජ්‍යේෂ්ඨ අධ්‍යයන උපදේශිකා මහාචාර්ය රංගිකා බණ්ඩාර BBC සිංහල සේවයට පැවසුවාය.
''ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන්න කර්මාන්තශාලා රැසක් තියෙනවා. ගැටලුව ඒවා විධිමත්ව එකතු කරලා බැහැර කරන ක්‍රමවේදයක් ප්‍රයෝගිකව නොමැති වීමයි. ක්ෂුද්‍ර ප්ලාස්ටික් නිසා වෙන හානිය ගැන අපේ වැඩි අවධානයක් නැහැ'' යනුවෙන් මහාචාර්යවරිය කියා සිටියාය.
මවගේ ශරීරයේ ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික් දරු කළලයට ද ඇතුළු වනබව පර්යේෂණ මගින් තහවුරු කර තිබේ.
''අපි කන කෑම, වාතය, ජලය සහ තුවාල හරහා ක්ෂුද්‍ර ප්ලාස්ටික් අපේ ඇඟට ඇතුළු වෙනවා. ඒ නිසා පිළිකා ඇතිවෙන බව හොයාගෙන තියෙනවා. මීට අමතරව 'ඇල්සයිමර්ස් ඩිසීස්' කියන මතකය නැතිවෙන ලෙඩ හැදෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා'' යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, වෛද්‍ය සජිත් එදිරිසිංහ සඳහන් කළේය.
නිෂ්පාදනය : ෂර්ලි උපුල් කුමාර