ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ඩ්‍රයිවර් බ්‍රේක් නැහැ කිවුවහම, බොරු කියන්න එපා කියලා කට්ටිය හිනා වුණා': ඇල්ල බස් අනතුරෙන් දිවි ගලවා ගත් අයෙක් මුහුණ දුන් අත්දැකීම බීබීසීයට කියයි
ඇල්ල බස් අනතුරෙන් තුවාල ලබා දිවි ගලවාගත් අයෙක් බීබීසී සිංහල වෙත තමන් මුහුණ දුන් අත්දැකීම බීබීසී සිංහල වෙත විස්තර කළේ ය.
"ඇල්ල හරියේ වංගුවක් ගාවින් කිව්වා බ්‍රේක් නැහැයි කියලා. මම බොනට් එක උඩ ඒ කට්ටිය එක්ක කතා කර කර හිටියා. ඩ්‍රයිවර් කිව්වේ. ඊට පස්සේ කොන්දොස්තරත් හිනා වුණා. ඊට පස්සේ අර අනිත් අහල පහළ කට්ටියත් හිටියා.
එතන එහා පැත්තේ සීට් එකේ එක්කෙනෙකුත් හිටියා එයත් හිනා වුණා බොරු කියන්න එපා කියලා. ඊට පස්සේ දෙවනි වංගුවෙදිත් කිව්වා නෑ, ඇත්තට ම බ්‍රේක් නැහැ කියලා එක පාර කපන්න ගත්තා. ඊට පස්සේ තමයි දන්නේ ඇත්තට ම බ්‍රේක් නැහැ කියලා," ඔහු පැවසීය.