රූ රැජිණ තරග කාන්තාවන් සවිබල ගන්වනවා ද? කාන්තාව ගැන 'ප්‍රමිතීන්' සකසනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Miss World/ Facebook
- Author, බීබීසී සිංහල
රූ රැජිණ තරගාවලි ලෝකයේ මෙන් ම ශ්‍රී ලංකාවේ ද කලින් කලට ප්‍රවෘත්ති මවන තරගාවලි වේ.
ලෝක රූ රැජිණ, ලෝක විවාහක රූ රැජිණ, විශ්ව රූ රැජිණ සහ මිහිකත රූ රැජිණ වැනි රූ රැජිණ තරගාවලි ගණනාවක් වසරකට පැවැත්වේ.
ඇතැම් පුද්ගලයන් මේවාට උනන්දු වන අතර ම ඇතැම් පුද්ගලයන්ට මෙවැනි තරගාවලි ප්‍රශ්නාර්ථයක් වී තිබේ.
මේ වන විට ඉන්දියාවේ තෙලන්ගනා හි පැවැත්වෙමින් තිබෙන ලෝක රූ රැජිණ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වදින අනුදි ගුණසේකර සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ ද විශාල කතා බහක් ඇති ව තිබේ.
2021, 2022 කාලවකවානුවේ ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අවධානය යොමු වී තිබු නමුත් මෙවර පෙර නොවූ විරූ අන්දමේ උනන්දුවක් මේ සම්බන්ධයෙන් ඇති ව තිබේ.
සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙකු අනුදි ගුණසේකරට සහය පළ කරන අතර, ඇතැම් පිරිස් එයට වෙනස් අදහස් ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාව මෙවර තරගාලියේදී නියෝජනය කරන අනුදි ගුණසේකර පසුගිය වසරේ පැවති Miss Sri Lanka තරගාවලියෙන් ජයග්‍රහණය කළ අතර ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධිධාරිනියක් වේ.
එම තරගාවලියට ඉදිරිපත් වීමේදී තරගකාරියන් විසින් සමාජ සේවා ව්‍යාපෘතියක් සිදු කළ යුතු අතර අනුදිගේ 'සහේළී' ව්‍යාපෘතියෙන් ආමන්ත්‍රණය කරන්නේ ඔසප් දරිද්‍රතාවය වේ.
ඇය සම්බන්ධයෙන් Miss World යූටියුබ් නාළිකාවේ පළ කර ඇති වීඩියෝවට බොහෝ දෙනෙකු ප්‍රතිචාර දක්වා තිබූ අතර, එය ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හොඳින් පෙන්වන එකක් බව බොහෝ දෙනෙකුගේ අදහස විය.
එම වීඩියෝවේ දැක්වෙන ආකාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ සේවයට එකතු වීම ඇයගේ බලාපොරොත්තුව වන අතර, ඇය මෙම තරගාවලිය සලකන්නේ ඇයගේ බලාපොරොත්තුවට යන ගමනේ පළමු පියවර ලෙසට ය.
පසුව තරගකාරියන් එකිනෙකා හඳුන්වා දෙන වටයේදී ඇය පැවැත්වූ කතාව සම්බන්ධයෙන් ද මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංවාදයක් මතුව තිබේ.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post, 1
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post, 2
ඇයව අගය කරමින් බොහෝ දෙනෙකු මේ වන විට සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වා ඇති අතර, ඇය ව අනෙකුත් ගැහැනු ළමුන් ආදර්ශයට ගත යුතු බව ද සඳහන් කර තිබේ.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post, 3
කෙසේනමුත් ඇතැම් අය ඊට වඩා වෙනස් අදහස් ඉදිරිපත් කර ඇති අතර, සමාජ මාධ්‍ය තුළ අදහස් දැක්වූ ඇතැම් අය ඇයගේ කතාවේ අඩංගු වූ කරුණු ද විවේචනය කර තිබේ.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post, 4
තවත් සමහරුන් ප්‍රශ්න කර සිටින්නේ එකිනෙකාගේ විවිධත්වයට ගරු නොකර යම් කෙනෙකු ලෙස හැසිරෙන්නයි පැවසීම අසාධාරණ බව ය.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post, 5
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙම සියලු සංවාදයන් නිරීක්ෂණයේදී පොදුවේ ප්‍රධාන වශයෙන් දැකගත හැකි එක් කරුණක් වන්නේ අනුදි ගුණසේකරට සහය දක්වා ඇති බොහෝ පිරිස් ඇය පූර්වාදර්ශයක් ලෙස විස්තර කිරීම ය.
ඇගේ චරිත ලක්ෂණ, කතා විලාසය, විලාසිතා යනු 'පරිපූර්ණ කාන්තාවකගේ පොදු ප්‍රතිමිතියක්' ලෙස එවැනි බොහෝ විස්තර කිරීම්වල දක්වා තිබේ.
රූපය සම්බන්ධයෙන් ඇති කරගත් ප්‍රමිතීන් මත ආරම්භ කෙරුණු රූ රැජිණ තරගාවලි දැන් රූපය පිළිබඳ ප්‍රමිතීන්ගෙන් එපිටට ගොස් ඇති බව ද අප මතක තබා ගත යුතු ය.
රූපය, පෞරුෂත්වය, සමාජය ඉදිරියේ පෙනී සිටින ආකාරය වැනි බොහෝ දේවල් සම්බන්ධයෙන් දැන් එවැනි තරගාවල අවධානය යොමු කරයි.
මෙවැනි තරගාවලි ලෝකයේ සංවිධානය වූ මුල් කාලයේ සිට ම ඒවාට ස්ත්‍රීවාදී සංවිධානවල විරෝධය එල්ල වූ අතර, ලන්ඩනයේ 1970 පැවති ලෝක රූ රැජිණ තරගාවලිය පැවැත්වෙමින් තිබියදී ස්ත්‍රීවාදී සංවිධාන එම ශාලාවට ඇතුළු වී විරෝධතා දක්වා තිබේ.
මේ වන විට තෙලන්ගනාහි පැවැත්වෙන තරගාවලියට ද ඉන්දියාවේ ස්ත්‍රීවාදී සංවිධාන විරෝධතා දක්වමින් සිටින අතර, ඇතැම් ස්ත්‍රීවාදී ක්‍රියාකාරිනියන් අත්අඩංගුවට ද ගෙන තිබේ.
මෙවැනි රූ රැජිණ තරගාවලි පැවැත්වීම කාන්තාවන් සවිබල ගන්වනවා ද එසේත් නැතිනම් ඔවුන් සම්බන්ධ ඒකාකෘතීන් නිර්මාණය කරනවා ද යන්න පිළිබඳව බීබීසී සිංහල විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන කාන්තා සංවිධාන කිහිපයකින් ද විමසීමක් සිදු කරන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'කාන්තාවන් ශාරීරික ගුණාංගවලට පමණක් සීමා කරන ඕනෑම වේදිකාවක් අපි අනුමත කරන්නේ නැත'
කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ කේන්ද්‍රයෙන් මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සිදු කළ විමසීමට ඔවුන් ප්‍රතිචාර දැක්වුයේ මෙසේයි.
"දැඩි තරඟකාරිත්වය සහ සමාජ අගතීන් ජයගෙන, තමන්ගේ අපේක්ෂාවන් ළඟා කරගන්නා සියලුම කාන්තාවන් අප අගය කරන අතර ම, කාන්තාවන් ශාරීරික ගුණාංගවලට පමණක් සීමා කරන, වෙනස් කොට සැලකීමේ ඒකාකෘතීන් ප්‍රවර්ධනය කරන ඕනෑම වේදිකාවක් අපි අනුමත කරන්නේ නැත."
"මෙමගින් කාන්තාවන්ගේ වටිනාකම ඔවුන්ගේ පෙනුම මත පමණක් පදනම් වී ඇති බවට ඇති මතය තවත් ශක්තිමත් කරන අතර ම, අත් කරගත නොහැකි අසම්භාව්‍ය රූප ලක්ෂණ පසුපස හඹා යාමට ඔවුන්ව යොමු කරවයි."
'මෙය තරුණ පරම්පරාවට ඍණාත්මක සමාජීය සහ සෞඛ්‍ය බලපෑම් ද ඇති කළ හැකියි'
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන තවත් කාන්තා සංවිධානයක් වන Women In Need සංවිධානයේ වැඩසටහන් සහ නීති පිළිබඳ කළමනාකාර නීතිඥ මරියම් මොහොමඩ්ද බීබීසී සිංහල වෙත ප්‍රතිචාර දක්වා තිබූ අතර, එම ප්‍රතිචාරයේ සිංහල පරිවර්තනය පහත පරිදි ය.
"රූ රැජිණියන් තෝරාගන්නා තරග යන මාතෘකාව සරල නොවන්නේ ඒවා තවමත් 'ලස්සන' ලෙස සලකනු ලබන දේ සඳහා ප්‍රමිතීන් ශක්තිමත් කිරීමට නැඹුරු වී සිටින හෙයින්, සහ එමඟින් කාන්තාවන් සහ ඔවුන්ගේ ශරීර වෙනස් කොට සැලකීම මෙන් ම භෞතික වස්තු ලෙස සැලකීම ද දැකිය හැකි නිසා ය. මෙය තරුණ පරම්පරාව කෙරෙහි ඍණාත්මක සමාජීය සහ සෞඛ්‍ය බලපෑම් ද ඇති කළ හැකි ය."
" එසේ තිබියදීත් මේ තරගාවලි වසර ගණනාවක් තිස්සේ බොහෝ සෙයින් ක්‍රමයෙන් වෙනස් වී ඇති අතර, දැන් වැදගත් මානුෂීය හේතූන් සඳහා පෙනී සිටීම කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබේ. නායකත්ව ගුණය ගොඩනැගීම තුළින් බලගැන්වීමක් සිදුවන අතර, ඔවුහු බොහෝ ගුණාංග ඇතුළත් කරගත් සුන්දරත්වය පිළිබඳ ප්‍රමිතීන් ද ප්‍රවර්ධනය කරති. අද වන විට, සුන්දරත්වය තරගකරුවෙකුගේ ශාරීරික පෙනුමට පමණක් සීමා නොවන අතර, එය ඊටත් වඩා බොහෝ දේ, සහ එය සමාජ ප්‍රචාරණය සඳහා වේදිකාවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අවධානය යොමු කළ යුතු කරුණු ඉස්මතු කරමින් ද තිබේ."

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK | CAROLINE JURIE
'මිනිස්සුන්ව බලගන්වන්න, සමාජයට දෙයක් නැවත දෙන්න, නායකයෙක් වෙන්න, හඬක් නැති අයට හඬක් වෙන්න මේක ගොඩක් හොඳ වේදිකාවක්'
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක විවාහක රූ රැජිණ තරගාවලියට ඉදිරිපත් ව 2020 වසරේදී ලෝක විවාහක රූ රැජිණ බවට පත් වූ කැරොලයින් ජූරි බීබීසී සිංහල විසින් කළ විමසීමකදී පැවසුවේ මෙවැනි තරග හඬක් නැති පිරිස් වෙනුවෙන් හඬක් බවට පත්වීමට ඇයට අවස්ථාවක් ලබා දුන් බව ය.
"මම විශ්වාස කරනවා හඬක් නැති අයට හඬක් වෙන්න මෙවැනි රූ රැජිණ තරග හොඳ වේදිකාවක් කියලා. අද මිනිස්සු මාව හඳුනාගන්නේ මම ඒ තරගයට ගිය නිසා. ඇත්තටම එදා මම එහෙම තරගයකට නොගියා නම් හෝ එයින් ජයග්‍රහණය කළේ නැත්නම් ඔයා මේ ගැන අහන්න මට කතා කරන්නේ නෑ. ඔයා අද මගෙන් මේ ගැන අදහස් විමසන්නේ ඒ ජයග්‍රහණය නිසා. නිවැරදි, ගැළපෙන අයව මෙවැනි තරගවලට යැවීම තමයි වැදගත්"
"මිනිස්සුන්ව සවිබලගන්වන්න, සමාජයට දෙයක් නැවත දෙන්න, නායකයෙක් වෙන්න, හඬක් නැති අයට හඬක් වෙන්න මේක ගොඩක් හොඳ වේදිකාවක්."
සිය ජිවිතයේ අමිහිරි අත්දැකීම් අමතක කර ඒවායින් ඔබ්බට ගොස් අනෙක් පුද්ගලයන්ට ද සහයක් වීමට හැකි පරිදි ඇයට ගොඩනැගීමට මෙම තරගාවලි උදව් වූ බව ඇය පෙන්වා දෙයි.
"අවුරුදු ගණනක් මගේ ජීවිතයේ ආපස්සට ගියොත් මම මගේ ජිවිතයේ ගොඩක් දේවල්වලට මුහුණ දුන්නා. මම හිරිහැරයට ලක්වුණා, සියදිවි නසාගන්න පවා හැදුවා. ඒ වගේ ම සමාජය මාව ප්‍රතික්ෂේප කළා. නමුත් මේ හැමදෙයකට ම පස්සේ මම මේ වේදිකාවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන්, මිනිස්සුන්ට ධෛර්ය දෙන දේවල් කරමින් ඉන්නවා. කලකිරීමට පත් වෙලා, විෂාදයෙන් පෙලෙන අයට මම මගේ වචන වලින් ශක්තියක් දෙනවා. ඒ අයට හිතන්න පුළුවන් එයාටත් මේ දේවල් වුණා, ඒත් අද එයා ලෝක මට්ටමේ ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා කියලා."
"දින කිහිපයකට කලින් සමානාත්මතාවය ප්‍රවර්ධනය කරන්න, ආබාධ සහිත අය සහ වෘත්තිමය නිරූපණ ශිල්පීන් එක ම වේදිකාවක ඉදිරිපත් කිරීම් කරපු විලාසිතා දැක්මක් පවත්වන්නත් මට හැකියාවක් ලැබුණා."
මේ වන විට ලෝක රූ රැජිණ තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වදින අනුදි ගුණසේකර ද සම්බන්ධ කරගැනීමට බීබීසී සිංහල උත්සහ කළ අතර, තරගය අතරතුර පවතින කාර්ය බහුලත්වය හේතුවෙන් මෙම ලිපිය සඳහා ඇයගේ අදහස් ලබා ගැනීමට නොහැකි විය.














