'මම නැගිට්ටේ මේ මයිනහමෙන්. මයිනහම නැත්තං කිසි දෙයක් කර ගන්න බෑ.'

වීඩියෝ ශීර්ෂ වැකිය, ''ඉස්සර මයින හමක් ගෙදරක හයි කරලා තිබුනොත් මිනිස්සුන්ගේ මතයක් තිබ්බා අඩු කුලේ කියලා.''
'මම නැගිට්ටේ මේ මයිනහමෙන්. මයිනහම නැත්තං කිසි දෙයක් කර ගන්න බෑ.'

'මයිනහම' ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික කම්මල් කර්මාන්තය හා බැඳුණු වචනයකි. වර්තමාන පරපුර සම්ප්‍රදායික කම්මල් කර්මාන්තයෙන් ඉවත් වුව ද අනාගත පරපුර වෙනුවෙන් එම තාක්ෂණය සහ දැනුම රැක ගැනීමට වෙහෙසෙන අයෙකු මාතලේ, රත්තොට ඇහැළගස්තැන්න ගම්ම්නයෙන් අපට හමු විය.

''මේ කම්මල් කර්මාන්තය ආවේ අපේ සීයාගෙන්. ඉස්සර මයින හමක් ගෙදරක හයි කරලා තිබුණොත් මිනිස්සුන්ගේ මතයක් තිබ්බා අඩු කුලේ කියලා. මම නැගිට්ටේ මේ මයිනහමෙන්. ඒ නිසා ඒක පුරාවස්තුවක් වගේ තියාගෙන ඉන්නවා.'' යනුවෙන් ජී. ජී අබේරත්න BBC සිංහල සේවයට පැවසුවේ ය.

ඔහු කම්මල් කර්මාන්තය සහ ඊට යොදා ගන්නා උපකරණ ගැන පාසල් දරුවන් දැනුවත් කිරීම සිදු කරයි.