දිරිය දියණිය : ගරාජයක සිට යකඩ කඳන් පාට කර පවුලේම ජීවිත ලස්සන කරන උසස් පෙළ සිසුවිය
Published
සමාජයේ අන් අය සමච්චලට ලක් කළ ද සම්ප්‍රදායන්ට කොටු නොවී තරුණියන් තමන්ගේ හීන හඹා යා යුතු බව උසස් පෙළ හදාරණ ශිෂ්‍යාවක වන අනුරාධපුරය, නොච්චියාගම පදිංචි දෙවුමිණි පාරින්ද්‍යා බිබීයට පැවසුවාය.
රෝගී වූ පියාට ප්‍රතිකාර කිරීම, ගෙවල් කුලී ගෙවීම ඇතුළු පවුලේ වියදම් දැරීම, ඇය සහ නැගණියගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් සොයා ගැනීමට ඇය අධ්‍යාපන කටයුතු අතර තුර ඇය වාහන ටින්කරින් කිරීම හා වර්ණ ගැන්වීම සිදු කරන්නීය.
කුලී ස්ථානයක පවත්වාගෙන යන පියාගේ ගරාජය තවත් දියුණු කර ඇයගේම ඉඩමක පවත්වාගෙන යෑමට මේ දියණිය සිහින දකින්නීය.

