'මට අවශ්‍ය ලංකාවේ බෞද්ධ සලකුණ බංගලිදේශයේ තියන්න'

වීඩියෝ ශීර්ෂ වැකිය, 'මට අවශ්‍ය ලංකාවේ බෞද්ධ සලකුණ බංගලිදේශයේ තියන්න'

ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා නෙලීමේ කලාව බංගලාදේශයේ ප්‍රචලිත කිරීම තම අරමුණ බව බංගලිදේශයේ සිට ලංකාවට වැඩම කර එම කලාව හදාරණ සංඝප්‍රිය හිමියෝ BBC සිංහල සේවයට පැවසූහ.

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ මූර්ති ශිල්පියෙකු වන බරත ලියනගේ යටතේ උන්වහන්සේ 2020 වසරේ සිට මූර්ති කලාව හදාරනු ලැබේ.

''බංගලිදේශයේ බෞද්ධ ජනතාව ඉන්නවා. නමුත් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරන බෞද්ධයෝ නැහැ. පිළිම හදන්නේ බොහෝ විට හින්දු අය. එවිට ඔවුන්ගේ නිර්මාණවල දේව රූප ගතියක් පෙන්න තියෙනවා. බුරුමයෙන්, තායිලන්තයෙන් වැඩිපුර රටට පිළිම ගේනවා. මට අවශ්‍ය ලංකාවේ බුද්ධ ප්‍රතිම කලාව ඉගෙනගෙන බංගලිදේශයට ගිහින් එහෙ අයට මේ කලාව කියල දෙන්න'' යනුවෙන් උන්වහන්සේ පැවසූහ.

ලංකාවේ අධ්‍යයන කටයුතු සඳහා සංඝප්‍රිය හිමියන්ට අනුග්‍රාහකත්වය දක්වා තිබෙන්නේ පූජ්‍ය වැල්ලම්පිටියේ විනයවංශ ස්වාමීන් හිමියන් විසිනි. සතියට දින පහක් පිලියන්දල මකුළුදුවේ දී මූර්ති ශිල්පය හදාරණ සංඝප්‍රිය හිමියෝ ඉතිරි දින දෙක අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් රණාල අමාදම් අරණේ වැඩවාසය කරති.

නිෂ්පාදනය / කැමරාකරණය / සංස්කරණය

ෂර්ලි උපුල් කුමාර