ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළව මෙතෙක් ලැබුණු අධිකරණ නියෝග මොනවා ද?
පක්ෂය තුළ පවතින බෙදීම් මෙන්ම, අධිකරණ නියෝග හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පැවති අර්බුදකාරී තත්ත්වය තවත් තිව්‍ර වී තිබේ.
පාර්ශව දෙකකට බෙදී ඇති පක්ෂයේ නියෝජිතයින් ඒකිනෙකාට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කර වාරණ නියෝග ලබා ගැනීමේ නැඹුරුවක් මෙන්ම එම වාරණ නියෝග ඉවත් කර ගැනීමට දරණ උත්සාහයන් පසුගිය මාස දෙක පුරාවට දක්නට ලැබුණි.
පක්ෂයේ අර්බුදය තවත් තිව්‍රවුයේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග ය.
එම ඉල්ලා අස්වීමෙහි යටි අරමුණ වූයේ, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයට පත් කිරීම ය.
(මැයි 13) පස්වරුවේ කෝට්ටේදී පැවති මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයේ විධායක සභා රැස්වීමේදී මෛත්‍රීපාල සිරිසේන සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ අතර, එහිදී ගත් ඒකමතික තීරණයකට අනුව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පක්ෂ සභාපති ධූරයට පත් කර ගැනිණි.
ඊට අමතරව, පක්ෂයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායක නීතිඥ කීර්ති උඩවත්ත පත් කෙරිණි.
පවතින පසුබිම තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් අධිකරණය ලබා දී ඇති නියෝග මොනවා දැයි බීබීසී සිංහල විසින් විමසා බලනු බැලීය.