ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ප්‍රංශයේදී අත්අඩංගුවට පත් ටෙලිග්‍රෑම්හි නිර්මාතෘ පාවල් ඩූරොෆ් යනු කවුද?
ප්‍රංශයේදී අත්අඩංගුවට පත් ටෙලිග්‍රෑම්හි නිර්මාතෘ පාවල් ඩූරොෆ් යනු කවුද?
බොහෝ විට ‘රුසියාවේ මාර්ක් සකර්බර්ග්’ ලෙසින් හඳුන්වනු ලබන සහ රටේ විශාලතම සමාජ මාධ්‍ය වේදිකා දෙකක් වන Telegram සහ VKontakte පිටුපස සිටින පාවල් ඩූරොෆ් ප්‍රංශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
Telegram හරහා සිදුවන අපරාධ නැවැත්වීමට ඔහු ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට ප්‍රංශ බලධාරීහු ඔහුට චෝදනා කළහ.
39 හැවිරිදි පාවල් ඩූරොෆ් උපත ලැබුවේ, සාන්ත පීටර්ස්බර්ග්හිදී වන අතර එහිදී ඔහු භාෂා ඉතිහාසය සම්බන්ධ උපාධියක් ලබා ගෙන ඇත.
ඔහු ව්‍යාපාර ලෝකයට පිවිසුනේ, 'note-sharing' වෙබ් අඩවි කිහිපයක් නිර්මාණය කරමිනි.