2026 වසරේ අධ්‍යාපනය සඳහා අයවැයෙන් යෝජිත මුදල් බෙදී යන්නේ මෙහෙමයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
2026 වසරේ අයවැයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කිරීමට යෝජිත සමස්ත මුදල රු. බිලියන 704කි.
එහි අරමුණු කිහිපයකි. ඒවා අතර;
- දිවයින පුරා පාසල් 10,191 හරහා සිසුන් මිලියන 4.1ක් පමණ සඳහා ගුණාත්මක පාසල් අධ්‍යාපනයක් ලබා දීම
- ගුරු කාර්ය මණ්ඩලය 236,129ක් සේවයේ යෙදවීම
- රජයේ විශ්වවිද්‍යාල 19ක් මගින් උපාධි අපේක්ෂකයින් 192,750ක් පමණ සඳහා උසස් අධ්‍යාපනය ලබා දීම
- අධ්‍යන කාර්ය මණ්ඩලය 11,521ක් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය 12,826ක් සේවයේ යෙදවීම
- සිසුන් 110,000කට පමණ වෘත්තීය අධ්‍යාපනය ලබා දීම

අධ්‍යාපන ශුභසාධන කටයුතු සඳහා ද 2026 අයවැයෙන් මුදල් වෙන් කිරීමට යෝජිත ය. ඒ අනුව, විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබා දෙන මාසික මහපොළ දීමනාව රු. 10,000ක් දක්වාත් ශිෂ්‍යාධාර සීමාව රු. 9,000 දක්වාත් ඉහළ දැමීමට මෙම අයවැයෙන් යෝජනා කර තිබේ.
මේ, එක් එක් ශුභසාධන කටයුතු සඳහා නව අයවැය මගින් වෙන් කිරීමට යෝජිත මුදල වේ.











