ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වීරවංශගේ ආහාර වර්ජනය 'සද්භාවයෙන් සිදු කරන අරගලයක්'
රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් ගෙනයනු ලබන ආහාර වර්ජනය සද්භාවයෙන් සිදු කරන අරගලයක් ලෙස ජාතික නිදහස් පෙරමුණ හඳුන්වයි.
පිටත සිට එම අරගලයට සහාය ලබා දීම සිය වගකීම බව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් කියා සිටියේ ආහාර වර්ජනය අත්හැර දමන ලෙස ඔහුගේ පවුලේ සාමාජිකයන්ගෙන් හෝ පක්ෂයෙන් බලපෑමක් එල්ල නොවන්නේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
"ඔහුව නතර කිරීම නොවෙයි අප කළ යුත්තේ. ඔහු ඇතුළේ සිට කරන දුෂ්කර අරගලය සමාජගත කරමින්, සමාජය අවදි කරමින් මේ ආණ්ඩුව කරන සතුරු වැඩපිළිවෙළ වැළැක්වීමට කටයුතු කිරීමයි අප කළ යුත්තේ" යනුවෙන් ඔහු පැවසීය.
'දේශපාලන දඩයමක්'
සිව්වන දිනටත් ආහාර වර්ජනයේ යෙදී සිටින මන්ත්‍රී විමල් වීරවංශ ගේ අරමුණ ආණ්ඩුව විසින් ගෙන යනු ලබන දේශපාලන දඩයමට විරෝධය පළ කිරීම බව කී ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් එය අධිකරණයට විරෝධය දැක්වීමක් නොවන බව සඳහන් කළේය.
කෙසේ නමුත් ඔහු විසින් ගෙන යනු ලබන ආහාර වර්ජනය අධිකරණයට විරෝධය පෑමක් වශයෙන් හුවා දැක්වීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවත් මොහොමඩ් මුසම්මිල් පැවසීය.
බන්ධනාගාර වෛද්‍යවරුන් මන්ත්‍රී විමල් වීරවංශ ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ අවධානයෙන් සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.