බ්‍රසල්ස් ගුවන් තොටේ ප්‍රහාරය සොහොයුරන් දෙදෙනෙකුගෙන්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
බ්‍රසල්ස් නුවර ගුවන් තොටුපලට ප්‍රහාරයක් එල්ලකළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනා බෙල්ජියමේ ජන මාධ්‍ය තුලින් හඳුන්වා දී තිබේ.
ඛාලිඩ් සහ බ්‍රාහිම් එල් බක්රඕයි (Khalid and Brahim el-Bakraoui) නම් වූ සහෝදරයන් දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇති බවයි බෙල්ජියමේ මාධ්‍ය වාර්තා කරන්නේ.
RTBF මාධ්‍ය ආයතනය පවසන්නේ මේ සොහොයුරන් දෙදෙනා පිළිබඳව පොලීසිය දැනුවත්ව සිටි බවයි. ඔවුන් දෙදෙනා සමග පින්තූරයේ සිටින තුන්වැන්නා කවරෙක්දැයි යන්න පිලිබඳ තවමත් පරීක්ෂණ පැවැත්වේ.

ඡායාරූප මූලාශ්‍රය, EPA
අඟහරුවාදා බ්‍රසල්ස් ගුවන් තොටුපලේ සිදු වූ පිපිරුම් දෙකකින් සහ උමං දුම්රිය ස්ථානයේ සිදු වූ පිපිරීම් හේතුවෙන් පුද්ගලයන්34දෙනෙකු මියගොස් 250 දෙනෙකුට තුවාල සිදුවිය.
ඉස්ලාම් රාජ්‍ය නමින් හැඳින්වෙන සංවිධානය මේ ප්‍රහාර සඳහා වගකීම භාර ගෙන තිබෙන අතර තවත් එවැනි ප්‍රහාර සිදු කරන බවට අනතුරු අඟවා තිබේ.
ප්‍රහාරය දියත්කළ ඉහත කී සහෝදරයන් අපරාධ සම්බන්ධව පොලීසියේ අවධානයට ලක් වී සිටි අයවලුන් බවයි RTBF වාර්තා කරන්නේ.
එම මාධ්‍ය ආයතනය පවසන්නේ ඛාලිඩ් එල් බකරෝයි (Khalid el-Bakraoui) බෙල්ජියම් අගනගරයේ කැලෑබද ප්‍රදේශයක නිවසක් කුලියට ගැනීම සඳහා ව්‍යාජ නමක් භාවිතා කර ඇති බවයි.
පසුගිය සතියෙ පොලීසිය විසින් තුවක්කුකරුවකු වෙඩි තබා මරා දමනු ලැබුවෙ මේ ප්‍රදේශයේ දීය.
බෙල්ජියම් පුවත්පතක් වන ලා දර්නියර් හෙයුර් (La Derniere Heure) වාර්තා කරන්නේ ඛාලිඩ් එල් බකරෝයි ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සොයමින් සිටි අයෙකු වන අතර ඊබ්‍රහිම් අපරාධයක් සඳහා සිර දඬුවමක් ලැබ සිටිය දී සැඟවී පලාගොස් සිටි අයෙකි.








