ඉන්දියාවේ වැන්දඹුවන් විරෝධතාවයක

ඡායාරූප මූලාශ්‍රය, BBC World Service
උතුරු ඉන්දියාවේ සිට බටහිර බෙංගාලයේ කල්කටා නුවරට පැමිණි වැන්දඹු කාන්තාවන් පිරිසක් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සැරසෙති.
විරෝධතාවය ඉදිරිපත් වී තිබෙන්නේ සිය සැමියන් මිය ගිය පසු ඉන්දියානු කාන්තාවන්ව පවුල් වලින් ඉවත් කිරීම, හිරිහැර වලට ලක් කිරීම මෙන්ම ඔවුන් අවාසනාවන්ත බවේ සලකුණක් ලෙස සලකා සමාජයෙන් කොන් කිරීමට එරෙහිවයි.
ඉන්දියාවේ දහස් ගණන් කාන්තාවන් සිය සැමියා මිය යාමෙන් පසු පවුලට මූල්‍යමය බරක්, අවාසනාවක් ලෙස සලකා නිවෙසින් පිටමන් කරයි.

එලෙස පවුල් වලින් ඉවත් කොට සමාජයෙන් කොන් කරනු ලැබූ වැන්දඹු කාන්තාවන් විසි දහසකට අධික ප්‍රමාණයක් උතුරු ඉන්දියාවේ ව්රින්දවාන් නම් ප්‍රදේශයේ ජීවත් වන අතර සිඟා කෑම ඔවුන්ගේ ජීවිකාව බවට පත්ව තිබේ.
බෙන්ගාලයට පැමිණි වැන්දඹුවන් පිරිස ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටින්නේ එලෙස අසරණ ව සිටින වැන්දඹුවන්ට සහන සලසා දීමට කටයුතු කරන ලෙසයි.




