'ගෙල සිඳ මරණ කුමන්ත්‍රණයක්' ඕස්ට්‍රේලියාවේ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඉස්ලාම් රාජ්‍යයක් සඳහා වූ සිය අරමුණට එරෙහි වන්නන් බිය ගැන්වීමේ අදහසින් ඝාතන සිදු කිරීමට සැලසුම් කරමින් සිටි කණ්ඩායමක සාමාජිකයින් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් පවසයි.

ඉස්ලාම් කැරලිකරුවන්ට එරෙහි ඕස්ට්‍රේලියානු සාමාන්‍ය වැසියන් පිරිසකගේ හිස ගසා දමමින් ඝාතනය කිරීමට මෙම කණ්ඩායම සැලසුම් කරමින් සිටි බවටයි වාර්තා වී තිබෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, police

අගමැති ටෝනි ඇබට් පවසන්නේ පොලිසියට එම සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලබා දුන්නේ බුද්ධි අංශ විසින් ඉදිරිපත් කළ වාර්තාවකට අනුව බවයි.

වාර්තාවට අනුව පසුගිය සතිය තුළ ඕස්ට්‍රේලියාව පුරා සාමාන්‍ය වැසියන් ඉස්ලාම් රාජ්‍යක් ගොඩනැගීමට එරෙහිව නැගී සිටි අතර එම කාලය තුළ ත්‍රස්තවාදය පිළිබඳ අවදානම ඉතා ඉහළ මට්ටමක් දක්වා වර්ධනය වී තිබේ.

අටසීයකට අධික පොලිස් නිලධාරීන් මෙහෙයුම් වල නිරත වූ අතර සිඩ්නි සහ බ්‍රිස්බන් නුවර සිදු වූ දැවැන්තම ත්‍රස්තවාදී වැටලීම මෙය බවයි වාර්තා වෙන්නේ.