ඇමරිකානු මාධ්‍යවේදියාගේ ඝාතනය පළිගැනීමක්?

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඉස්ලාමික රාජ්‍යක් ගොඩනැගීම වෙනුවෙන් සටන් වැදෙන ISIS සංවිධානය විසින් ඇමෙරිකානු ජාතික මාධ්‍යවේදියකු වන ජේම්ස් ෆොර්ලිගේ හිස ගසා ඝාතනය කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් කර තිබේ.
ඝාතනයට ලක්ව ඇති ඇමෙරිකානු ජාතික මාධ්‍යවේදියා 2012 වසරේ සිරියවේදී අතුරුදහන් වූ බවට වාර්තා විය.
ජිහාඩ් කැරලිකරුවන් පවසන්නේ මෙම ඝාතනය, ඉරාකයේ ISIS සටන් කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන ඇමෙරිකානු ප්‍රහාරයන්ට පළි ගැනීමක් ලෙස සිදු කර ඇති බවයි.
ජේම්ස් ෆොර්ලිගේ මව ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තම පුතු තමන්ට ආඩම්බරයක් බවයි.
තව දුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ සිරියාවේ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති වේදනා ජනක අත්දැකීම් ලෝකයට හෙළි කිරීමට නිර්භයව ක්‍රියා කළ තම පුතුන් ඒ වෙනුවෙන් දිවි පුජා කර ඇති බවයි.

ඡායාරූප මූලාශ්‍රය, AP
ඇය තම පුතුන් පැහැර ගෙන ගොස් ඝාතනය කළ කැරලි කරුවන්ගෙන් ඉල්ලා සිටියේ අනෙක් ප්‍රාණ ඇප කරුවන් නිර්දෝෂී මෙන්ම ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය හෝ ඒ සම්බන්ධ තීරණ වලට ඔවුන්ගේ කිසිදු අදාළත්වයක් නොමැති හෙයින් ඔවුන්ව නිදහස් කරන ලෙසයි.
නිකුත් කර ඇති වීඩියෝ පටය කෙතරම් දුරට අව්‍යාජ දැයි තවමත් ධවල මන්දිරය ප්‍රකාශයක් නිකුත් කර නැති නමුත් ඇමරිකානු මාධ්‍ය ප්‍රකාෂකවරිය පවසන්නේ වීඩියෝ පටය අව්‍යාජ බවයි.




