ඉස්ලාමීය රාජ්‍ය බ්‍රිතාන්‍ය ජාතිකයකුගේ ගෙල සිඳියි

බ්‍රිතාන්‍ය සහන සේවකයාගේ හිස ගාසා මරා දැමීමට වගකිවයුත්තන් සොයා ඔවුන් අධිකරණය ඉදිරියට රැගෙන එන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ප්‍රකාශ කළේය.
මැදපෙරදිග රාජ්‍යයන් සියල්ලට විශාල තර්ජනයක් වී ඇති ඉස්ලාමීය රාජ්‍ය කැරලිකාර සංවිධානය විනාශ කළ යුතු බවයි බ්‍රිතාන්‍ය අගමැතිවරයා පවසන්නේ.
සිරියාවේදී පැහැර ගැනුණු ඩේවිඩ් හෙයින්ස් නමැති බ්‍රිතාන්‍ය සහන සේවකයාගේ හිස ගසා මරණයට පත් කරන ආකාරය දැක්වෙන වීඩීයෝ පටය සෙනසුරාදා රාත්‍රියේ ප්‍රකාශයට පත් විය.
තැඹිලි පැහැති ඇදුමකින් සැරසී සිටින හෙයින්ස්ගේ හැඩහුරුකම් ඇති පුද්ගලයා, මුහුණ ආවරණය කර ගත් පිහියක් අතින් ගෙන සිටින අයකු ඉදිරියේ දණ ගසා සිටින ආකාරය වීඩියෝවේ දැක්වෙයි.
මීට පෙර ඇමරිකානු සිරකරුවන් දෙදෙනෙකු හිස ගසා මරණයට පත් කළ ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් අතට ඩේවිඩ් හෙයින්ස් පත් වූයේ දෙදහස් දහතුන වසරේදීයි.




